මීලග අමෙරිකානු ජනපති ට්‍රම්ප් / නෙස්ට්‍රඩාමුස්ගේ අනාවැකි හෙළිකරයි

අමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා පවතින්නේ උණුසුම් තත්ත්වයක්. අනිද්දි දිනයේදී පැවැත්වෙන එම මැතිවරණයෙන් කවරෙක් ජයගන්නේද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් නිශ්චිත අදහසක් පල කළ නොහැකිවී ඇත්තේ එය එතරම්ම තරගකාරීවී තිබීම හේතුවෙන්. කෙසේ වෙතත් වර්ෂ 1503 -1566 වකවානුවේ ජීවත්වූ ලොව නිවාරදිම අනාවැකිකරු ලෙස සැලකෙන නොස්ට්‍රඩාමුස් අමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ගැන අනාවැකි පවසා ඇති බව ඔබ දැන සිටියාද ?
ඔහුගේ අනාවැකි අනුව මීලග අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔහුගේ අනාවැකි වල ට්‍රම්ප් නාමය සදහන් කර ඇත්තේ ට්‍රම්පට් හෙවත් බොරු කාහල නාදයක් ලෙසයි. එසේම නව ජනාධිපතිවරයා හිට්ලර් වැන්නකුට සමාන වනු ඇති බවටද එමගින් අර්ථ දක්වා තිඛෙනවා. එසේම මේ වන විට අමෙරිකානු ජනපතිධූරය දරනා ඔමාබා අමෙරිකාවේ අවසන් ජනපති ලෙසයි අර්ථ දක්වා ඇත්තේ. අනාවැකි පැහැදිලි කරන්නන් පවසන්නේ ඔබාමා ජනපතිගෙන් පසුව අමෙරිකාවේ ලෝක ආධිපත්‍යය ගිලිහී යාම මෙසේ අර්ථ දක්වා ඇති බවයි.
තවත් පිරිසක් පෙන්වා දෙන්නේ අමෙරිකාවේ පලමු ජනපතිනිය බිහිවීම එයින් කියවෙන බවයි. කෙසේ වෙතත් නෙස්ට්‍රඩාමුස්ගේ අනාවැකි මෙතෙක් සත්‍ය වූ අයුරින් මෙම අනාවැකියට කුමක් වන්නේදැයි තවත් පැය 72 කින් බලාගත හැකියි.

ඔබගේ අදහස අපට කියන්න

Close