විශ්වාසභංගයක් අවොත් අගමැතිට 3න් 2ක සහාය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ හොත් එය පාර්ලිමේන්තුවේ 3 න් 2 ක බහුතරයකින් පරාජයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට අදාළව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වගකීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී වචනයක්වත් කතා නොකළ ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගයක් පිළිබද අදහස් දැක්වීම රට මුලා කිරීමක් ලෙසයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ජාවලදීද මේ පිළිබද අදහස් පලවුණා.
එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ කැබිනට් මණ්ඩලයේ ඒකමතික සහය අගමැතිවරයාට හිමිවන බවයි.
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ අගමැතිවරයා සිය අවංකභාවය තහවුරු කර ඇති බවයි.
පවත්නා තත්ත්වය තුල ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ඉදිරිපත් නොවනු ඇති බවටයි මේ වන විට වාර්තා පලවන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close