ශ්‍රීලනිප මැති ඇමතිවරු යළි එන්න සූදානම් / මහින්ද කියයි

ආණ්ඩුව හා සම්බන්ධ වී සිටින නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් යලි විපක්ෂයට සම්බන්ධවීමේ කැමැත්තෙන් පසුවන බව හිටපු ජනාධිපති මහිනිද් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ආගමික උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
වත්මන් රජයේ ක්‍රියාකාරකම් පිළිබද නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කළකිරීමෙන් පසුවන බවද රාජපක්ෂ මහතා මෙසේ සදහන් කළා.

“උතුරේ ඇතිවෙලා තියෙන ආවා ගෲප්එක අපේ කාලේ ගෝඨාභය හිටපු ආරක්‍ෂක ලේකම්තුමා හැදුවයි කියලා සමහරු අපිට චෝදනා කරනවා. අපි කවදාවත් ඔය වගේ දේවල් කරලා මේ රටටත් ජනතාවටත් ද්‍රෝහි වෙන්නෙ නෑ. අබැටකතරම්වත් එහෙම ද්‍රෝහි වෙලත් නෑ. විදේශීය බලවේග එකතුවෙලා තමයි මට අපේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත‍්‍රණය කළේ. දැන් මිනිස්සුන්ට මේක ටිකටික තේරෙන්න පටන් අරන්. දෙමළ, මුස්ලිම්, ජන කොටස් සංවිධාන දැන් අපි එක්ක සාකච්ඡා කරගෙන යනවා. ඒ අය දන්නවා ඒ අයටත් වැරදුනා කියලා. මහ බැංකු හොරකම ආසියාවේ සිදුවුණු විශාලම මංකොල්ලය. මේ ගනුදෙනුවෙන් ආණ්ඩුවේ ගජ මිතුරෝ බිලියන ගණනින් ලාභ ලබනවා. මේ හොරකමට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු යහපාලන ආණ්ඩුවම වග කිව යුතුයි. මේ චෝදනාවට ලක්වෙලා තියෙන සියලු දෙනාටම විරුද්ධව වහා පියවර ගත යුතුයි. මේ ආණ්ඩුවේ ඉන්න අයට විරුද්ධව සී.අයි. ඩී. එකවත්, එෆ්.සී.අයි.ඩී. එකවත් පියවර ගන්නෙ නෑ. ඔය ආණ්ඩුවට ගිහින් ඉන්න අපේ සමහරු ඉන්නෙ හිතකින් නෙමෙයි. මේ ඊයේ, පෙරේදාත් සමහරු මට කතා කරලා කිවුවේ අද වුණත් එන්න පුළුවන්  කියලයි.

ඔබගේ අදහස අපට කියන්න

Close