චීන තානාපතිගේ ප්‍රකාශයට පියවර ගන්න රජය සූදානම්

ශ්‍රී ලංකාවේ චීන තානාපති යීසියැන් ලියැන්ග් මහතා පසුගියදා මෙරට රජය සම්බන්ධව මෙන්ම මුදල් අමාත්‍යවරයා සම්බන්ධවද කළ විවේචනාත්මක ප්‍රකාශයන් පිළිබද විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ අවදානයක් යොමුකර තිඛෙනවා.
ඒ පිළිබද සිදුකෙරෙන විශේෂ අවදානයකින් පසුව  එම ප්‍රකාශ සම්බන්ධව ගත යුතු පියවරයන් පිළිබඳව විදේශ අමාත්‍යාංශය තීරණය කිරීමට නියමිතයි.
මෙම සතිය තුළදී බොහෝදුරට මෙම තීරණය ගනු ඇති බවත්, මෙම තීරණය ගත් පසු ඒ පිළිබඳ චීන තානාපති කාර්යාලය නිසි පරිදි දැනුම්වත් කරලීමටද විදේශ අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බව එම අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණ කළා.
ඒ අනුව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හා චීන තානාපති යී. ෂියැන්ග් ලියැන්ග් මහතා අතර විශේෂ හමුවීමක්ද මෙම සතියේ පැවැත්වීමට සැලසුම් කර තිඛෙනවා.
චීන තානාපතිවරයාගේ ප්‍රකාශයන් පිළිබඳව ඔහුගේ නිසි තොරතුරු විමසීමක් කිරීමට ද එහිදී විදේශ අමාත්‍යවරයා කටයුතු කරනු ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කළා. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී චීන තානාපතිවරයා මෙරට රජයේ ඇතැම් ප්‍රතිපත්ති තදින් විවේචනය කළ අතර මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශ කිහිපයක්ද ඔහු විසින් විවේචනය කර තිබුණා.
තානාපතිවරයා පවසා තිබුණේ වැඩි පොලියට මෙරටට ණය ලබාදුන් බවට වන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරන බවයි.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close