DVD ඉවතට – සිය ගුණයක් ප්‍රබල දියමන්ති තැටි එයි

දිනපතා ලොව පුරා දත්ත ගිගා බයිට් බිලියන ගණනක් තැන්පත් වන බව නොරහසක්. ඒ ඒ තරමින්ම විවිධ අවස්ථාවන්හී දත්ත මිනිසුන් විසින් තැන්පත් කර තබන බැවින්. අප සාමාන්‍යයෙන් භාවිතා කරන ඩී වී ඩී තැටියක ගිගා බයිට් 4ක් පමණ තැන්පත් කළ හැකියි. එහෙත් එය වර්තමානය වන විට ප්‍රමාණවත් නොවන්නේ ඒ තරමටම විශාල පරිගණක දත්ත ප්‍රමාණයන් අප නිරන්තරව භාවිතා කරන බැවින්. මේ වන විට ඒ සදහා වඩාත්ම ගැලපෙන විකල්පයක් සම්බන්ධයෙන් නිව් යෝර්ක් සරසවියේ විද්‍යාඥයන් පරීක්ෂණ සාර්ථකව අවසන් කර තිඛෙනවා. ඒ අනුව ඩී වී ඩී තැටිවලට වඩා ප්‍රබල හා සිය ගුණයකින් වැඩි දත්ත ප්‍රමාණයක් රුදවිය හැකි තැටි හා මෙමරි කාර්ඩ් නිපදවීමටයි විද්‍යාඥයන් සමත්ව සිටින්නේ. මේ සදහා ඔවුන් යොදාගෙන ඇත්තේ කාන්තාවන්ගේ හොදම මිතුරා ලෙස සැලකෙන මිලෙන් අධික දියමන්තියි.
මේ සදහා දියමන්ති සුලු ප්‍රමාණයක් වැය කෙරෙන බැවින් නව තැටියේ මිල අවම වනු ඇති බවද විද්‍යාඥයන් සදහන් කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close