ආණ්ඩුවේ මැති ඇමතින්ට මාසයක් විදෙස් ගමන් තහනම්

අය වැය විවාදය මුල් කර ගනිමින්  ආණ්ඩු පක්ෂය  නියෝජනය කරන මැති ඇමතිවරුන්ට ලබන 10 වනදා සිට මසක කාලයක් සදහා විදෙස් ගමන් සීමා කිරීමට උපදෙස් නිකුත් කර තිඛෙනවා.
ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය හරහායි.

යම් ලෙසකින් කලින් යොදාගත් රාජකාරි සඳහා විදේශගතවීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයට දැනුම්දිය යුතු බවටද නියමයක් පනවා ඇති බවයි අදාළ වාර්තා හෙළි කළේ.

ඊට අමතරව එජාප මැති ඇමැතිවරුන් එවැනි කලින් යොදාගත් රාජකාරියක් සඳහා විදේශගත වන්නේ නම් ඒ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අවසර ලබාගත යුතු බව ද  එහි දැක්වෙනවා.

ආණ්ඩු පක්ෂ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් එවැනි රාජකාරි සඳහා විදේශගත වන්නේ නම් ඒ ගැන ජනාධිපතිවරයාට හෝ ජනාධිපති ‍ලේකම්වරයාට දැනුම් දිය යුතු බව ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල ආරංචි මාර්ග අනාවරණ කළා.
2017 අය වැය යෝජනාවලිය අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
ඒ මුදල් අමාත්‍යවරයා විසින්.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න