අතිශය දුර්ලභ තල්මස් ගැටුමක් මිරිස්ස මුහුදේ – Video

ලෝකයේ විශාලතම තල්මසුන් හා වැඩිම තල්මසුන් ගණනක් දර්ශනය වන මුහුදු අතරට ශ්‍රී ලංකාවේ මුහුදු තීරයත් ඇතුලත් වනවා. ඒ හේතුවෙන් තල්මසුන් නැරඹීම සදහා මෙරටට පැමිණෙන විදේශිකයින්ගේ ප්‍රමාණයත් සැලකිය යුතු මට්ටමකයි පවතින්නේ.එසේ පැමිණි විදේශිකයකු විසින් 2013වසරේදී මිරිස්ස මුහුදු තීරයේදී තල්මසුන් දෙවර්ගයක ගැටුමක් වීඩියෝගත කිරීමට සමත්ව තිබුණා.

ඕර්කා නැතිනම් killer whale ලෙස හඳුන්වන තල්මසුන් විශේෂයේ  පස් දෙනෙකු පමණ sperm whale ලෙස හඳුන්වන දැවැන්ත තල්මසුන් සය දෙනෙකුගේ කණ්ඩායමකට පහර දෙන ආකාරයයි මෙම වීඩියෝවේ දැක්වෙන්නේ. මද වේලාවකින් ගැටුම සමග මුහුදේ ඒ ආසන්න ජලය රතු පැහැයට හැරෙන ආකාරයද මෙම වීඩියෝවේ දැක්වෙනවා.

Killer Whale ලෙස හැඳින්වූවත් සැබැවින්ම කිලර්-වේල් නැතිනම් ඕර්කා අයිතිවන්නේ ඩොල්ෆින් කුළයට. ඩොල්ෆින් කුළයේ විශාලම සත්වයා ඕර්කා නැතිනම් කිලර් වේල්. ඔවුන් අතිශයින්ම බුද්ධිමත්, කණ්ඩායමක් ලෙස සැළසුම් කොට දඩයමේ යන, මිනී මෝරුන්ට පවා පහරදී දඩයම් කරන සත්ව විශේෂයක්…

මේ ඒ සම්බන්ධයෙන් ඔහු පල කර තිබූ අදහස්.

මෙම සිද්ධිය දුටු සැණින් මට ඇතිවුණේ අපූරු හැගීමක්. මෙය යළි කිසිදා දැකිය නොහැකි සිද්ධියක් බව මට වැටහුණා. අනිත් එක ඔර්කා තල්මසුන්ගේ මෙවන් පහරදීම් ජායාරූප ගත කිරීම ඉතා අඩුවෙන් සිදුව තිබූ දෙයක්. ඒ නිසා මම අවධානම සහිතවම දිය යටට ගොස් ජායාරූප ලබාගත්තා.

ඔර්කා තල්මසුන් 5ක් පමණ මෙම පහරදීමට සම්බන්ධවී සිටියා.  ස්පර්ම් වේල් තල්මසුන් සය දෙනාම එකට ගුලිවෙලා එක් විශාල පර්වතයක් වගේ මුහුද මැද සිටියා. ඔර්කා පස් දෙනා ඔවුන් වටේ පිහිනමින් විටින් විට පහර දුන්නා. මොහොතකින් ඔවුන් අවට වතුර රතු පැහැයට හැරුණා.

තල්මස් රංචුවේ පැටවකු අල්ලාගන්නා ඔර්කා තැත් කළ බවයි මට හිතෙන්නේ. ඒත් ඒක ඉටු වුණාද කියලා දැන ගන්න ලැබුණේ නැහැ.

මේ එම දුර්ලභ තල්මස් ගැටුමයි.

ඔබගේ අදහස අපට කියන්න

Close