රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ගැන රජය හෙළිකරයි

විශ්‍රාම වැටුප් ඉල්ලීම ලබාදී තිබියදී විරෝධතා පැවැත්වීම හා ඊට අදාලව ඊයේ මතුවූ සිද්ධිය රජය අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පවසනවා.එහි දැක්වෙන්නේ විරෝධතාවය සදහා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ සිටි රණවිරුවන් මෙහෙයවූයේ කවුරුන්දැයි ඔවුන් විසින්ද නොදන්නා බවයි.ජනාධිපති කාර්යාල පරිශ්‍රයට පැමිණ කළහකාරී ලෙස හැසිරීම හරහා රණවිරුවන් හා රජය අතර බරපතලබෙදීමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවද එමගින් පෙන්වාදී තිබෙනවා.

මෙය පැහැදිලිවම රණවිරුවන් යොදා ගනිමින් ක්‍රියාත්මක කළ ආණ්ඩු විරෝධී සැලසුමක් බවද රජය අවදාරණය කර තිබෙනවා. ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ මීට මාස 4කට පෙර බවද අදාළ නිවේදනයේ සදහන්. ඒ බව ආරක්ෂක අමාත්‍යාංශය විසින්ද මාධ්‍ය වෙත ප්‍රකාශයට පත් කර තිබුණාත එවන් තත්ත්වයක් තිබියදී රජයට එරෙහිව කටයුතු කරන දේශපාලන සංවිධාන කිහිපයක භික්ෂුන් වහන්සේ කිහිප දෙනකු හා කුමන්ත්‍රණකාරී පිටස්තර පිරිසක් මේ සදහා මැදිහත්ව ඇති බවද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන්. මෙම විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ජාවක් ජනාධිපති කාර්යාලය තුල පැවැත්වෙන අතරතුරයි මෙම සිද්ධිය වාර්තාවුණේ. කෙසේ වෙතත් අදාළ ඉල්ලීම පෙබරවාරි මාසයේ සිට ඉටු කරන බව ජනාධිපති කාර්යාලය යළිත් තහවුරු කර තිබෙනවා.

One thought on “රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ගැන රජය හෙළිකරයි

  • November 8, 2016 at 5:00 pm
    Permalink

    eka onema modayekuta therenawa

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close