ලෝකෙට ලොක්කා තෝරන අමෙරිකානු ජන්දය අද

අමෙරිකාවේ මීලග ජනාධිපතිවරයා හෙවත් මීලග ලෝක බලවතා තෝරා ගැනීමේ ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් හා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තියුණු සටනක් මේ දක්වාම පවතින බැවින් මෙවර ජනපතිවරණයේ ජයග්‍රාහකයා පිළිබද අනුමාන කිරීමත් අපහසු තත්ත්වයකට පත්ව තිඛෙනවා.

මේ වන විට සිදුකර ඇති පූර්ව මත විමසුම්වලට අනුව හිලරි ක්ලින්ටන්ට සුලු වාසියක් පවතින අතර ඇතැම් මත විමසුම් වලින් ට්‍රම්ප්ද ඉදිරියෙන් පසුවුණා. කෙසේ වෙතත් මෙවර අමෙරිකානු ජනපතිවරණය සැලකෙන්නේ පසුගිය සමයේ පැවැති යහපත් මැතිවරණ සම්ප්‍රදාය හානියකට ලක් කළ මැතිවරණයක් ලෙසයි.

ජනප්‍රිය ව්‍යාපාරිකයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් ප්‍රචාරක රැලියකදී පැවැසුවේ අමෙරිකානු ඉතිහාසය තුළ ජනපතිවරණයටක ඉදිරිපත්වන දූෂිතම පුද්ගලයා හිලරි ක්ලින්ටන් බවයි. 69 හැවිරිදි හිලරිට එරෙහිව යුක්තිය ප්‍රකාශ කරන ලෙසද ට්‍රම්ප් ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් ට්‍රම්ප් අමෙරිකාවට පමණක් නොව ලොවටත් තර්ජනයක් බව සඳහන් කළ හිලරි සාධාරණය ඉෂ්ට කිරීමට ඉදිරිපත්වන ලෙස ඩිමොක්‍රටික් පාක්ෂික ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා තිඛෙනවා.

පසුගිය සතියේදි ට්‍රම්ප්ට වඩා ඡන්ද සියයට 2.7ක් හිලරි සිටියත් ඊ‍ට පෙර සතියේ දෙදෙනාගේ ජනප්‍රියතාව පෙන්වූයේ හිලරි ට්‍රම්ප්ට වඩා ඡන්ද සියයට 5.4ක් ඉදිරියෙන් සිටි බවය. කෙසේ වුවද ‍2012 දි වත්මන් ජනපති ඔබාමා ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් හිලරි විසින් ලබා ගනු ඇති බවද ට්‍රම්ප් හා හිලරි අතර ඡන්ද පරතරය සීමිත වනු ඇති බවයි පැවසෙන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close