සෝභිත හිමි පළමු ගුණ සමරු උත්සවය අද

මෙරට තුල යහපාලනය ස්ථාපිත කිරීම සදහා  විශාල කැපකිරීමක් සිදුකළ මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ පළමුවැනි ගුණානුස්මරණ උළෙල අද පැවැත්වෙනවා.
ඒ කොලඹ පදනම් ආයතනයේදීයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක ආර්. සම්බන්දන් යන මහත්ම මහත්මීන් මේ සදහා සහභාගී වීමට නියමිතයි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණසාම ශ්‍රී සංඝ සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද අගරදගුරුතුමා, අනෙකුත් ආගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේ සහ ආගමික නායකයන්, මැති ඇමැතිවරුන් සියලු පක්ෂවල ආරාධිත පාර්ලිමේන්තු මන්ත්‍රින් ජනපතිවරණයේදී සහාය දුන් සිවිල් සංවිධාන නායකයන්, කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ දායක සභාව, අමද්‍යප ව්‍යාපාරය ඇතුළු උන්වහන්සේ සම්බන්ධ වී කටයුතු කළ සංවිධාන සහ සෝභිත හිමියන්ගේ පවුලේ ඥාතීන්ද මේ අවස්ථාවට සහභාගි වනු ඇති.
සෝභිත හිමියන්ගේ ජාතික මෙහෙවර පිළිබඳ නිපදවූ කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම හා මහාචාර්ය සරත් විජේසූරිය සම්පාදිත පොතක් පිළිගැන්වීම සහ උන්වහන්සේගේ පොදු ජන සේවය ගමට ගෙනයෑමට ආයතනයක් ඉදිකිරීම සඳහා ‍ රාජා විජේතුංග ඉඩමක් පිරිනැමීමද මෙහිදී සිදුකිරීමට නියමිතයි. සෝභිත හිමියන්ට කෘතගුණ දක්වන ලක්වාසී පොදු ජනතාවටද මේ අවස්ථාවට සහභාගි වන්නැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇරයුම් කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close