ජනපතිට අගමැතිට ලංවී ජායාරූප ගන්න හැදූ ව්‍යාජ මාධ්‍යවේදියා රිමාන්ඩ්

පණ්ඩිත් අමරදේවයන්ගේ අවමංගල උත්සවයේදී මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටිමින් ප්‍රභූන්ගේ ජායාරූප ලබාගැනිමේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ සැකකරු කොලඹ අපරාධ කොට්ඨාශය විසින් දින 3ක් පුරා රදවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුවයි.අද සැකකරු කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි අධිකරණය මෙම නියෝගය ලබාදුන්නේ.
පසුගිය සෙනසුරාදා දිනේ පැවැති අමරදේව සූරින්ගේ අවමංගල උත්සවයේදී සැකකරු ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ආසන්න වෙමින් සැක සහිත ලෙස ජායාරූප ලබාගෙන තිබුණා.
පසුව පොලිසිය විසින් සැකකරු පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහු අගවා තිබුණේ තමන් මාධ්‍යවේදියකු බවයි.
එහෙත් එය අසත්‍යයක් බව හෙලිව තිබෙනවා.
මෙම සැක සහිත තරුණයා කොටහේන ප්‍රදේශයේ පදිංචි සපුමල් දේවසුරේන්ද්‍ර නැමැත්තකු ලෙස හදුනාගෙන තිබෙනවා.
ඔහු තිසියම් සැක සහිත සංවිධානයක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත්දැයි සැක මතුවන බවයි අදාළ වාර්තා අනාවරණ කර ඇත්තේ.

ඔබගේ අදහස අපට කියන්න

Close