ට්‍රම්ප්ට රනිල් / මෛත්‍රී / මහින්ද සුබ පතයි

අමෙරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට ශ්‍රී ලංකා රජය සුබ පැතුම් පල කර තිබෙනවා. ෆේස් බුක් සදහනක් තබමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය විශිෂ්ට එකක් බවයි.
මේ අතර ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට අග්‍රාමා්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සුබ පැතුම් පල කළා. ෆේස් බුක් හී සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා මැතිවරණ සටන මෙහෙයවූ ආකාරය විශිෂ්ට

බවයි. ඉදිරියේදී ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණයෙන් රටක ඒකීයත්වයේ වැදගත්කම පිළිඹිබු වන බවයි. මහින්ද රාජපක්ෂ මහතා ෆේස් බුක් සදහනක් තබමින් මේ බව පෙන්වාදී තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close