අමෙරිකාවේ ජනපති පුටුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට / පැහැදිලි ජයක්

අමෙරිකානු ජනපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලයන්ට අනුව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණය හිමිව තිඛෙනවා. මේ වන විට ප්‍රකාශිත ප්‍රතිපල වලට අනුව ඔහුට හිමි ආසන ගණන 288 ක්. හිලරි ක්ලින්ටන්ට මෙතෙක් ආසන 215 ක් හිමිව තිඛෙනවා. කෙසේ වෙතත් තීරණාත්මක  කිහිපයක ජන්ද ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්ව නැහැ. එහෙත් මෙතෙක් ජන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්ව නොමැති ප්‍රාන්ත රැසකද ඉදිරියෙන් පසුවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් . ඒ අනුව ඔහුට ආසන 301 ක පැහැදිලි බලයක් හිමිවන බවටයි මේ වන විට සිදුකර ඇති නිල නොවන ගණනය කිරීම් අනාවරණ කරන්නේ. ඒ අවශ්‍ය ආසන 270 ට වඩා පැහැදිලි බහුතරයක් සමගයි.

මේ අතර අමෙරිකානු සෙනට් සභාවේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඉදිරියෙන් පසුවන්නේද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයයි. ඒ අනුව දැනට ආසන 48 ක් රිපබ්ලිකන් පක්ෂයටත් ආසන 44 ක් ඩිමොක්‍රටික් පක්ෂයටත් හිමිව තිඛෙනවා.

අමෙරිකානු නියෝජිත පාර්ලිමේන්තුවේද මේ වන වැඩි ආසන ගණනක් හිමිව ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයටයි. ඒ ආසන 190 ක්. ඩිමොක්‍රටික් පක්ෂයට ආසන 134 ක් හිමිව තිඛෙනවා.

නවතම ප්‍රතිඵල මෙතනින්

ඔබගේ අදහස අපට කියන්න

Close