බිත්තර කනවද ? එහෙනම් අනිවාර්්‍යයෙන් කියවන්න

බිත්තර පාරිභෝජනය අප රට තුල බහුල වශයෙන් සිදුකෙරෙන්නක්. මිල අවමවීම හා පහසුවෙන් සපයා ගැනීම ආදී හේතු රැසක්ම ඊට හේතු වනවා. එහෙත් විද්‍යාඥයන් පවසන පරිදි බිත්තර අනුභව කරන බොහෝ දෙනා ගුණ සහිත බිත්තර භාවිතයට නොගන්නා බව ප්‍රකාශ කර ඇතැයි පැවසුවොත් ඔබ එය විශ්වාස කරනවාද ? ඇතැම් විට එය එසේ නොවන්නට පුළුවන්. එහෙත් විද්‍යාඥයන් පවසන්නේ බිත්තරවල ගුණාත්මක භාවය පිලිබද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට බිත්තර මිලදී ගන්නා අවස්ථාවේ එහි වර්ණය හා බිත්තර මිලදී ගත් පසු එහි කහ මදය කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි.

විද්‍යාඥයන් පවසන්නේ බිත්තරවල වර්ණය ලා පැහැ වත්දී ඒවායේ පවතින ගුණය ඉතා අවම වන බවයි. බිත්තර කහ මදයේ වර්ණය තද පැහැයෙන් යුක්ත නම් ඒවා ඉතා ගුණාත්මක බිත්තර බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එසේම ලා ලහ පැහැයෙන් යුක්ත බිත්තර කහ මදය අනුභවය පල රහිත ආහාරයක් අනුභව කිරීමක් ලෙසද ඔවුන් පෙන්වා දෙනවා.

බිත්තර කහ මදයේ වර්ණය පරීක්ෂාවෙන් එම කිකිළියන්ගේ ආහාර පිළිබද ප්‍රකාශ කළ හැකි බවද මෙම වාර්තාවේ දැක්වෙනවා. සාමාන්‍යයෙන් කහමදයේ වර්ණය අඩු නම් එම බිත්තර දමන ලද කිකිළියන් ධාන්‍ය හා කෘතිම ආහාර අනුභව කර ඇති බවත් කහමදය තැඹිලි පැහැ නම් එම කිකිළියන් ධෘන්‍ය, කෘමීන් , ගස් වැල් , බීජ ආහාර අනුභව කර ඇති බවත්ඔවුන් හෙලිකරනවා. පැහැයෙන් අවම කහ මද සහිත බිත්ත අනුභවයෙන් රෝගී තත්ත්වයන්ට ලක්විය හැකි අතරම තද පැහැයෙන් යුක්ත කහ මද සහිත බිත්තර අනුභවය වඩාත් උචිත බවද මෙහි දැක්වෙනවා. 

එබැවින් ගුණාත්මක ආහාරයක් ලෙස බිත්තර අනුභව කරන්නේ නම් විටමින් හා ප්‍රෝටීන් හිමිවන තද පැහැයෙන් යුත් බිත්තර අනුභව කරන ලෙසයි පර්යේෂකයින් මෙයින් දැනුම්දී ඇත්තේ.

ඔබගේ අදහස අපට කියන්න

Close