රණවිරුවන්ට කදුලු ගෑස් එල්ල කළ සිද්ධිය ගැන විමර්ෂණයට කමිටුවක්

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පිරිසකට කදුළු ගෑස් එල්ලකර විසුරුවහැරිම සම්බන්ධයෙන් පුර්ණ පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක්ලබාදෙන ලෙස ග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා සිය අමාත්‍යංශ ලේකම්තුමාට උපදෙස් ලබාදී තිඛෙනවා.

ඒ අනුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම්ජගත් පී. විජේවීර මහතා විසින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩි. වික්‍රමරත්නමහතාගේ සභාපතිත්වයෙන්යුත් ත්‍රිපුද්ගලකමිටුවක් පත්කර පත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සදහන් කළේ.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ සහකාර ලේකම් නිශාන්ත වීරසිංහ සහ ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ  යන මහත්වරුන් ඊට ඇතුලත්කර තිඛෙනවා.

ඒ අනුව අදාල වාර්තාව 2016.11.10වන දින වනවිට ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා වැඩිදුරටත් උපදෙස් දී ඇති  බවයි එහි දැක්වෙන්නේ.
පෙරේදා පස්වරුවේ මෙම සිද්ධිය වාර්තා වුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close