වාහන මිල වැඩිවීමක් නෑ / මුදල් අමාත්‍යාංශය කියයි

ආනයනික වාහන සඳහා  වැට් බදු වැඩි කිරීම අදාළ නොවන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය ප්‍රකාශ කළේ වැට් බදු වැඩිවීම හේතුවෙන් වාහන මිල ඉහල දමා ඇතැයි පල වන වාර්තා අසත්‍ය බවයි.
වාහන මිල ගණන් ඉහල යා හැක්කේ ආනයනික මිල ඉහල යාමක් සිදුවුවහොත් පමණක් බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් වැට් බද්ද සියයට 4කින් ඉහල යාමෙන් පසු මෙරට වාහන වර්ග කිහිපයක මිල ගණන් ඉහල දැමීඹට පියවර ගෙන තිබෙනවා.

 වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා ප්‍රකාශ කළේ විදේශ විනිමය අනුපාතය සහ රජයේ බදු ප්‍රතිපත්තියෙහි වෙනස්වීම් හේතුවෙන් මෝටර් රථ මිල ඉහළ යෑමක් සිදුව ඇති බවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close