හිලරිට සුබ පතමින් ට්‍රම්ප් අමෙරිකාව අමතයි.

තමන් මුලු මහත් අමෙරිකාවේම ජනාධිපතිවරයා බැවින් සියලුම ජනතාව වෙනුවෙන් රට ශක්තිමත් කරන බව මැතිවරණයෙන් ජය ලැබූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ මැතිවරණ ජය ලැබීමෙන් පසු ට්‍රම්ප් කුලුණේ සිට ජනතාව අමතමින්.
හිලරි ක්ලින්ටන් මහ්තිමය තමන්ට දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් පල කළ බවද ඔහු කියා සිටියා.
ඇය තමන්ගේ ප්‍රතිවාදියා වුවද රට වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ කාන්තාවක ලෙසයි ට්‍රම්ප් මහතා විසින් හදුන්වාදුන්නේ.
මැතිවරණයේදී බොහෝ ප්‍රබලයන් තමන්ට සහාය ලබා නොදුන්නද අමෙරිකානු ජනතාව තමන් දිනවූ බවයි ඔහු කියා සිටියේ.මින් ඉදිරියට කිසිදු අමෙරිකානුවකු තනි නොවන බවත් කිසිවකු දුර්වල නොවන බවත් ට්‍රම්ප් මහතා අවධාරණය කළා. අමෙරිකාව වඩාත් ප්‍රබල කිරීමට උඵරිම ශක්තිය යොදවන බවයි ඔහු අවධාරණය කළේ.
තමන් ව්‍යාපාරිකයකු ලෙස මෙතෙක් අධිරාජ්‍යයක් ගොඩනැගූ බවත්ඉදිරියේදී අමෙරිකාව ලොව හමුවේ තවත් බැබලවීම තම අරමුණ බවත් ට්‍රම්ප් මහතා කියා සිටියා.
මින් ඉදිරියට තමන් අමෙරිකාවේ ජනාධිපතිවරයා මිස රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රටික් පක්ෂයට සීමාවූ අයකු නොවන බවයි ඔහු අවධාරණය කළේ.
තමන්ට සහාය දුන් සියල්ලන්ද පවුලේ ඥාාතීන්ද ඔහු මෙහිදී ඇගයීමට ලක් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close