500,1000 මුදල් නෝට්ටු තහනම් කෙරේ / මෝදිගේ හදිසි තීරණයක්

ඉන්දී්‍ය මහ බැංකුව විසින් නිකුත් කර එරට තුල සංසරණය වන  රුපියල් 500 හා රුපියල් 1000 නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය තීරණය කර තිඛෙනවා.
ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
කලු මුදල් සම්බන්ධයෙන් ක්ෂණික පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඒ වෙනුවෙන් නව රුපියල් 500 හා 2000 නෝට්ටු එළිදැක්වීමටද තීරණය කර තිඛෙනවා.

මේ වන විට ඉන්දීය ජනතාවට තමන් සතු 500 හා 1000 නෝට්ටු බැංකු මගින් හුවමාරු කරගත හැකි අතර එහිදී අනන්‍යතාවය සටහන් කර ගැනීමටයි පියවර ගැනෙන්නේ.
ඉන්දියාව ලෝකයේ කලු මුදල් ජාවාරමේ ප්‍රධාන තැනක පසුවන රටක් ලෙසයි සැලකෙන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close