ට්‍රම්ප් දිනන බවට අනාවැකි කී ඉන්දියානු මාළුවා

අමෙරිකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පල කළ තවත් තරුවක් මේ වන විට අන්තර්ජාලයේ ප්‍රකටවී සිටිනවා. ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙසෙන චානක්‍යා නැමති මත්ස්‍යයායි. මැතිවරණයකට දිනකට පෙර මෙම මත්ස්‍යයා සුපුරුදු පරිදි අනාවැකි පැවසීමේ කාර්යයේ යොදවා තිබුණා. එහිදී මත්ස්‍යයා සෑම අවස්ථාවකදීම තෝරාගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූපය සහිත වස්තුවයි.
මෙම මත්ස්‍යයාගේ අනාවැකි ඉකුත් වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නිවැරදිව අනාවැකි පල කර තිබුණා. එහි අවසන් පූර්ව තරගය නවසීලන්තය ජය ගන්නා බවට හා ඉන්දියාව පරාජය වන බවටයි චානක්‍යා අනාවැකි දක්වා තිබුණේ. එය නිවාරදිව සිදුවුණා. ඒ අනුව ඉන්දියාව පුරා ජනප්‍රිය වී සිටින චානකයා මත්සයාඩෙනල්ඩ් ට්‍රම්ප්ගේ අනාවැකිය පැවසීමෙන් පසු සුපිරි තරුවක් බවට පත්ව සිටිනවා. මේ එම වීඩියෝවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close