අඩි 200 ක් දිග අබිරහස් පියාසර වස්තුවක් ඇන්ටාර්ක්ටිකාවෙන්

ලන්ඩනයේ එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තාකරන ආකාරයට රුසියානු ඇන්ටාර්ටික් ගවේෂණ කණ්ඩායමක් විසින් ඇන්ටාර්ක්ටිකාවට  කඩාවැටුනු පිටසක්වල යානාවක් සොයාගෙන තිබෙනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ මෙම යානාවේ සුන්බුන් කොටස් අඩි 204ක් දිගින් යුක්ත බවයි.
එමෙන්ම අඩි 40 ක් උසින් මෙම වස්තුව නිර්මාණය කර ඇති බවද අදාළ වාර්තාව පෙන්වා දෙනවා.

මෙම යානය මිනිසා විසින් නිර්මාණය කර ඇති එකක් ලෙස සැලකිය හැකි වුවද පෘථවියට වඩා දියුණු හා වෙනස් ස්වාභාවයක් මෙම අබිරහස් වස්තුවේ පවතතින බවද අදාළ වාර්තා සදහන් කරනවා.

මෙහි ඉන්ධන ටැංකියක් ලෙස සැලකෙන කොටසක්ද පවතින අතර එය අඩි 70ක දිගකින් යුක්ත වන බවයි එක්ස්ප්‍රස් පුවත් සේවය පවසන්නේ.
මෙම අබිරහස් වස්තුව පියාඹන පීරිසියක හැඩයකින් යුක්ත වන බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නාසා ආයතනය හෝ වෙනත් නිල ආයතනයක් තහවුරු කිරීමක් සිදුකර නැහැ.

A fake CGI image of the

ඇන්ටාර්ක්ටිකාව, පිටසක්වලයින්ගේ තිප්පොලක් බවට වාර්තා පලවන්නේ 1940 ගණන්වල සිටයි. 1945දී දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමග ජර්මානු නට්සින්ගේ නායකත්වය ඇන්ටාර්ටිකාවේ ඔවුන් විසින් තනා තිබූ රහසිගත කඳවුරු වලට පසුබැස ගිය බවට වාර්තා පලවුණා. ජර්මනියේ සිට දකුණු ඇමරිකාව බලා රහසින් පිටත්ව ගිය ජර්මානු සබ්මැරීම කිහිපයක් පිලිබඳව වාර්තා ලැබුණු අතර ඉන් U-977 හා U-530 යන කේතවලින් හැඳින්වුනු, යූ-බෝට් මාදිලියේ සබ්මැරීන පිලිබඳව වැඩියෙන් කතාබහට ලක් වුණා.

The

දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වූ හිට්ලර් හා සමීප සගයින් ඇන්ටාර්ක්ටිකාවේ රහස් කදවුරු වෙත පලාගිය බවට අද වන විටත් වාර්තා පවතිනවා. ඔහුගේ ස්වරූපයට සමාන අයකු හිට්ලර් වෙනුවෙන් දිවි පිදූ බවද අදාළ වාර්තා හෙළිකර තිඛෙනවා.

මෙම වාර්තා එකල අමෙරිකානු රජයට විශාල බලපෑමක් එල්ල කල අතර මේ පිලිබඳව සොයාබැලීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා රියර් අද්මිරාල් රිචර්ඩ් බ්‍රයිඩ්ගේ ප්‍රධානත්වයෙන් බලකායක් පත්කොට ඇන්ටාර්ටිකාවට පිටත්කොට හැරුණා.  මෙම බලකාය යුධ නැව් 13කින්, ගුවන්යානා 33කින් හා 4300ක පිරිස් බලයකින් යුතුවුනා. රියර් අද්මිරාල් බ්‍රයිඩ් හට ලැබී තිබූ අණ වූයේ ඇන්ටාර්ටිකාවේ නට්සි මූලස්ථානයක් තිබේනම් එය විනාශකොට එහි සැඟව සිටින නට්සීන් අත් අඩංගුවට ගැනීම හෝ මරාදැමීමයි. 1946 දෙසැම්බර් 12 ඇන්ටාර්ටිකාවට ලඟාවුනු අද්මිරාල් බ්‍රයිඩ්ගේ නාව්කික බලකායට සිතාගත නොහැකිවූ සතුරෙකුට මුහුණ දෙන්නට වූ බව රහසිගත වාර්තාවල දැක්වෙනවා. බ්‍රයිඩ්ගේ නාවික යාත්‍රා වලින් පිටත්ව ගිය ඔත්ටූබලන යානා, තමන්ට හඳුනා නොගත් පියාසර වස්තූන් මගින් පහරදෙන බව වාර්තාකොට සිටියා. ප්‍රති ප්‍රහාර එල්ල කල බ්‍රයිඩ්ගේ නාවික බලකායට පිටසක්වල යානා වලින් දැවැන්ත ප්‍රහාරයක් එල්ලවූ බවත්, නෞකා ගණනාවක් විනාශවී විශාල පිරිසක් මියගිය බවත් වාතා වුනා.

අමෙරිකානු රජය වහාම මෙම මෙහෙයුම රාජ්‍ය රහස් සුරැකීමේ පනත් යටතේ අතිශය රහසිගත ලෙස වර්ගීකරණය කොට එයට සහභාගීවූ සියල්ලන්ටම සිය මෙහෙයුම හෝ අත්දැකීම් පිලිබඳව කිසිවක් ප්‍රකාශ කිරීම තහනම් කලා. නූතන අමෙරිකානු වාර්තා අනුව අද්මිරාල් බ්‍රයිඩ් ගේ මෙම් ඇන්ටාර්ටික් මෙහෙයුම පුහුණු මෙහෙයුමක් ලෙස වර්ගීකරණය කොට තිබෙනවා.

ඒ අනුව ඇන්ටාර්ටිකාව කාළාන්තරයක් තිස්සේම පිටස්ක්වලයින්ගේ රහස් තිප්පොලක් බව පැවසෙන අතර, රුසියානුවන් හට හමුවූ ඇත්තේ කඩාවැටුනු පිටසක්වල යානයක් බවටයි වාර්තා වන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close