ඔබාමා ට්‍රම්ප් හමුවෙයි / පරණ කෝන්තර අමතක කරයි

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා හා සංවාදයක නිරතවීමට ලැබීම ගෞරවයක් ලෙස සලකන බව අමෙරිකානු ජනපතිවරණයෙන් ජය ලැබූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නිව් යෝර්ක්හීදී ඔබාමා මුණ ගැසීමෙන් පසුවයි.
මෙම සාකච්ජාවේදී සුමට ලෙස බලය හුවමාරු කර ගැනීම පිළිබදව සාකච්ජා පවත්වා තිඛෙනවා.
එහිදී බැරක් ඔබාමා ප්‍රකාශ කළේ ඉදිරි මාස 2ක තුල ක්‍රමානුකූලව එම කටයුතු සිදුවනු ඇති බවයි.
පසුගිය ජනපතිවරණ සමයේ බැරක් ඔබාමා මහතා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර වාග් සංග්‍රාමයක් හටගත්තා.
එහිදී ඔබාමා කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු අමෙරිකානු ජනපති ධූරයට නොගැලපෙනම පුද්ගලයා බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පුවසුවේ ඔබාමා අමෙරිකාවේ අසාර්ථකම නායකයා බවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close