තමන්ට එරෙහි විරෝධතාවලට ට්‍රම්ප්ගෙන් පිළිතුරු

තමන්ට එරෙහිව සිදුකරන විරෝධතා අසාදාරණ බව අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ මේ වන විට සිදුකරන විරෝධතා අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් එල්ල කරන්නක් බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස පිලි නොගන්නා බව පවසමින් පැවැත්වෙන විරෝධතා ඊයේ දිනයට සාපේක්ෂව අද පහත ගොස් තිබුණා. එහෙත් එම විරෝධතා කළහකාරී මට්ටමකට පත්ව ඇති බවයි බී බී සී පුවත් සේවය පවසන්නේ.
ඔරිගන් ප්‍රාන්තයේ මෙම තත්ත්වය දැඩිව වර්ධනයවී තිබුණා.
එහිදී විරෝධතාකරුවන් ගිනි කෙලි දමා ගැසීම හා ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමටයි පෙලඹී තිබුණේ.

ඔබගේ අදහස අපට කියන්න

Close