ලෝකයෙන්ම මුරලිට පසුව දෙවනි තැනට රංගන පැමිණේ

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා පිල 2ට 0ක් ලෙස ජය ගත්තා.

ඒ දෙවන තරගයත් ලකුණු 257කින් ජය ගැනීමෙන් පසුවයි.

තරගයේ ලකුණු 490ක ඉලක්කය් හඹා ගිය සිම්බාබ්වේ දෙවන ඉනිම  ලකුණු 233කට සීමා විය.

දෙවන ඉනිමේදී රංගන හේරත් ලකුණු 63ක් තුළ කඩුලු 08ක් ලබා ගැනීම විශේෂත්වයක්.

 ශ්‍රී ලංකාව පලමු ඉනිමට ලකුණු 504 යි. දෙවන ඉනිමට කඩුලු 9ක් දැවී ලකුනු 258 යි.
සිම්බාබවේ පලමු ඉනිම 272 යි.
මේ අතර ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයත් සමග රංගන හේරත් තවත් වාර්තා කිහිපයක් මෙම තරගයේ දී පිහිටුවා තිබුණා.
 ටෙස්ට් ක්‍රීඩා කරන ඕනෑම රටකට එරෙහිව තරගයක දී කඩුලු 05ක් දවා ගත් ලොව තුන්වන ක්‍රීඩකයා බවට පත් රංගන කඩුලු 5 බැගින් වැඩිම වාරයක් දවා ගත් ක්‍රීඩකයන් අතර හය වැනියා ලෙසත් වාර්තා අතරට එක්ව සිටිනවා.
එසේම ලොව අඩුම ටෙස්ට් තරග ගණනකින් කඩුලු 350ක් සම්පූර්ණ කළ දෙවන පන්දු යවන්නා බවටද රංගන පත් වුණා.එහි මුල් තැන පසුවන්නේද ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්.

 

ඔබගේ අදහස අපට කියන්න

Close