2001 ප්‍රහාරය ගැන දැනගත්තේ වසර 30 කට පෙර -අමෙරිකානු කාල තරණ වැඩසටහනේ රහස් හෙළිවෙයි

අමෙරිකාව කාලය හරහා ගමන් කිරීමේ තාක්ෂණය සොයාගෙන වසර 50ක් පමණ කාලයක් ගතව ඇති බව එම පර්යේෂණ සදහා සම්බන්ධව සිටි විද්‍යාඥයකු අනාවරණ කර තිඛෙනවා. Andrew D. Basiago නැමති එම විද්‍යාඥයා අමෙරිකානු මාධ්‍ය ආයතනයක් වෙත සියලු තොරතුරු හෙළිකරමින් ප්‍රකාශ කර ඇත්තේ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය පිළිබද අමෙරිකාව තොරතුරු දැනගත්තේ 1971 වසරේදී බවයි. ඒ ප්‍රහාරය එල්ලවීමට වසර 30 කට පෙර බවයි ඔහු අනාවරණ කරන්නේ.

Pegasus ව්‍යාපෘතිය නමින් කාලතරණය කිරීමේ තාක්ෂණය පිළිබද අමෙරිකානු බුද්ධි අංශ ක්‍රියාත්මක කළ වැඩසටහනක ඔහු ප්‍රධානියකු ලෙස කටයුතු කර තිබුණා. එම ව්‍යායෘතිය 1970 වසරට පෙර සාර්ථකවූ බැවින් අමෙරිකාවේ ඉතිහාසය හා අනාගතය සජීවීව දැක ගැනීමේ හැකියාව ලැබී ඇති බවයි විද්‍යාඥයා හෙළිකරන්නේ.
ඒ අනුව 1787 වසරේ අමෙරිකානු නිදහස් ගිවිසුමට ජෝර්ජ් වොෂින්ටන් අත්සන තබන ආකාරය හා එහි ඛෙන්ජමින් ෆ්රූන්ක්ලීන් සිටින ආකාරයද අමෙරිකානු විද්‍යාඥයන් විසින් සජීවීව දැක පටිගත කරන ලද බවට ඔහු අනාවරණ කර තිඛෙනවා.
එසේම 1863 වසරේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ ෙඓතිහාසික වහල්භාවයට එරෙහි දේශනය නිරීක්ෂනය කිරීමට හා එහි සිට ජායාරූප ලබා ගැනීමටද සමත්වූ බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් ඒ බව තහවුරු කිරීම සදහා ඉදිරිපත්වූ ජායාරූපවල වර්තමානයෙන් පිටත්ව ගිය පුද්ගලයින්ට වඩා වෙනස් පුද්ගලයින් සිටින බවද විද්‍යාඥයා සදහන් කර තිඛෙනවා.
ඒ අදාළ කාල වකවානුවේදී පැවැති ස්වරූපය පුද්ගලයින්ට ආදේශ වීම හේතුවෙන් බවද ඔහු අනාවරණ කළා.
ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ දේශනය සිදුවූ වසර 150 කට පෙර අවස්ථාවට කාලයන්ත්‍රයෙන් ගිය ඔහු මෙම ජායාරූපයේ රැදී සිටින ආකාරයයි පහත සේයාරුවෙන් තහවුරු කර ඇත්තේ. මෙම සේයාරූ කෘතිම හෝ සකස් කරන ලද ඒවා නොවන බවද මේ වන විට තහවුරු කර තිඛෙනවා.

මෙම විද්‍යාඥයාගේ අනාවරණය වාර්තා කළ මාධ්‍ය ආයතනය ඔහුගෙන් ප්‍රශ්න රැසක්ම විමසීමට පියවර ගෙන තිබුණා.
ඉන් එක් පැනයක් වූයේ 2001 ප්‍රහාරය පිළිබද වසර 30 කට පෙර දැන සිටියේ නම් එය වැලැක්වීමට පියවර නොගත්තේ මන්ද යන්නයි.
එහිදී ඔහු පවසා ඇත්තේ තාක්ෂනික වශයෙන් මෙම දියුණුව ලැබුවද ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවකදී හෝ දෙවියන් විසින් සිදුවීමට ඉඩ හැර ඇති දේ වෙනස් නොකිරීමට අමෙරිකානු රජය තීරණය කර ඇති බවයි.
2001 -2006 කාලයේදී අමෙරිකානු රාජ්‍ය ලේකම් ධූරය දැරූ ඩොනල්ඩ් රම්ස්ෆීල්ඩ් මහතා මෙම කාලතරණ ව්‍යාපෘතියේ නියමුවකු ලෙසින් කටයුතු කර ඇති හෙයින් ඔහු  මෙම ප්‍රහාරය වන අවස්ථාවේ තමන් රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කරනු ඇති බවද දැන සිටි බවයි මෙම විද්‍යාඥයා අනාවරණ කරන්නේ.

 

ඔබගේ අදහස අපට කියන්න

Close