සකර්බර්ග් ඝාතනය වූ හැටි

ෆේස් බුක් කාර්ය මන්ඩලය අතින් සිදුවූ වරදක් හේතුවෙන් ෆේස් බුක් පරිශීලකයින් පිරිසක් මිය ගිය සේ සටහන්වීම සම්බන්ධයෙන් එම සමාගම සමාව අයැද තිබෙනවා.
මෙසේ මිය ගිය බවට වන බැනරය සදහන් වූ පුද්ගලයින් අතර ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග්ද ඇතුලත්.
මෙය ෆේස් බුක් සමාජ ජාලයේ නව අත්හදා බැලීමක් අතරතුරයි සිදුව තිබුණේ.
මේ වන විට ෆේස් බුක් හිමිකරුවන්ගේ කෝටි 3ක් පමණ පසුගිය සමයේ මියගොස් ඇති බවයි එම සමාගම මීට පෙර අනාවරණ කළේ.
එම ගිණුම් හදුනාගැනීම හා ඒවා සලකුනු කිරීම වෙනුවෙන් වූ ක්‍රමවේදයක් ලෙස මෙම බැනර ක්‍රමය හදුන්වාදී තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: