උදයංගගේ රාජ්‍යත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍රය තහනම්

යුක්රේන රජයෙන් මිග් 27 ගුවන් යානා හතරක් මිලදී ගනිමින් රජයට මුල්‍ය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතාගේ රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කර තිඛෙනවා.
ඒ සම්බන්ධයෙන් අනාවරණ වූයේ ඊයේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සිදුකළ ප්‍රකාශයකට අනුවයි.

මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් උසාවියේ නඩු පවරා ජාත්‍යන්තර පොලිසිය මඟින් වරෙන්තු නිකුත් කරනු ලැබ තිඛෙනවා.

උදයංග වීරතුංග මහතා යම් තැනැත්තෙක් සමඟ පෙනී සිටි ඡායාරූපයකට පෙනී සිටියේ නම් එලෙස පෙනී සිට ඇත්තේ ජාත්‍යන්තර වරෙන්තුව නිකුත් කිරීමට පෙර බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

උදයංග වීරතුංග මහතා මැලේසියාවේ හෝ ඉන්දුනිසියාවේදි හිටපු ජනාධිපතිවරයා සමඟ ඡායාරූපයකට පෙනී සිටතිබුණා.  වරෙන්තු නිකුත් කළ ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරිමට ප්‍රමාද වනනේ මන්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මතුකරන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ වරෙන්තු නිකුත් කෙළේ ඔක්තෝම්බර් 20 වැනිදා බවත් එම වරෙන්තුව ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම මෙම තැනැත්තාට ඇති චෝදනා වලට අදාළ පරික්ෂණ වෙනුවෙන් යුක්රේනය,සිංගප්පූරුව හා හොංකොං රාජ්‍යයන්ගෙන් ‍තොරතුරු කැඳවා ඇති බවත් පරික්ෂණ සඳහා යම් කාලය ක් ගතවන බවත් ගතවිය හැකි බවත් හර්ෂද සිල්වා මහතා පවසනු ලැබුවා.

තමන්ට හිමි රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය යළි බාරදෙන බවට රුසියාවේ හිටපු තානාපතිවරයා විද්‍යුත් තැපැලක් මඟින් දැනුම් දී තිබුණද ඔහු එය ඉටු කර තිබුණේ නැහැ. එමෙන්ම උදයංග විරතුංග මහතාට කිසි සේත් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය භාවිත කළ නොහැකි බවත් එම ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් අදාළ සියලු අංශ දැනුවත් කැර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close