කොටුවූ ආවා ගෲප් 11ක් වෙනුවෙන් පෙත්සම් 11ක්

”ආවා ගෲප්” සාමාජිකයන් බවට චෝදනා කරමින් පොලිස් ත්‍රස්ත මර්දන අංශය විසින් තරුණයන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔවුන්ගේ ඥාතීන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

එම තරුණයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතී විරෝධී අයුරින් බවටයි එමගින් චෝදනා කර ඇත්තේ.

‘ආවා ගෲප් ”සාමාජිකයන් යනු මංකොල්ල කල්ලියක් ලෙස ආරක්ෂක ප්‍රධානීන් විසින් හඳුන්වා ලැබ තිබියදී තම ඥාතීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන පොලිස් මූලස්ථානය වෙත රැගෙන ගොස් රඳවාගෙන ප්‍රශ්න කිරීම  නීති විරෝධී බවද එම පැමිණිල්ලේ දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මානව හිමිකම් කොමිෂන් සබාව ප්‍රකාශ කර ඇත්තේ අදාළ පුද්ගලයින්ගෙන් පැමිණිලි 11ක් ලැබී ඇති බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ලදුපතක් හෝ ලබාදී නොමැති බවට තොරතුරු ලැබී ඇති බවද එහි ප්‍රකාශකයකු සදහන් කළා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close