ජනපති සටනේදී ක්ලින්ටන් ගෝරිල්ලකුටත් පැරදිලා

නිමාවට පත්වූ අමෙරිකානු ජනාධිපතිවරණයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකෙරුණේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදනකු පිළිබද පමණයි. ඒ ඩොනලඩ් ට්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් පිළිබදවයි. එහෙත් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේ ජන්ද විමසීමේදී මෙවර ගෝරිල්ලකු හටත් අමෙරිකානු ජනතාව ජන්දය භාවිතා කර ඇති බව ඔබ දැන සිටියාද ?
ඒ හරාම්ඛේ නැමැති ගෝරිල්ලා හටයි. මෙම ගෝරිල්ලා මීට මාස කිහිපයකට පෙර ඝාතනය කරන ලද ගෝරිල්ලෙක්. අමෙරිකාවේ සත්වෝද්‍යානයක ගෝරිල්ලකු රදවා සිටි ස්තානයකට දරුවකු ඇද වැටුණු පුවත ඔබගේ මතකයේ ඇත්නම් එම දරුවා තුරුලට ගෙන ඒ මේ අත දිව ගිය ගෝරිල්ලා හරාම්ඛේයි. එම දරුවාට ඔහු විසින් අනතුරක් සිදුකරනු ඇතැයි සිතා සත්වෝද්‍යාන බලධාරීන් ගෝරිල්ලාට වෙඩි තබා ඝාතනය කළා.
කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදී ලයිස්තුවේ නොමැති අපේක්ෂකයින් වෙනුවෙන් නම සදහන් කර ජන්දය භාවිතා කිරීම සදහා පවතින අවස්ථාවේදී එකොලොස් දහසක පිරිසක් හරාම්ඛේ වෙනුවෙන් ජන්දය භාවිතා කර ඇති බවයි පැවසෙන්නේ.
පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී එක් අසුනක හිලරි ක්ලින්ටන් අභිබවා ජන්ද ලබා ගැනීමට ඒ අනුව හරාම්ඛේ සමත්ව ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් හිලරි ක්ලින්ටන්ට දැඩිව සහාය පල කළ සී එන් එන් මාධ්‍ය ආයතනය මේ පුවත ප්‍රතික්ෂේප කර තිබුණා. එහෙත් ඊට සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු පලවන අතර මේ එසේ තමන් හරාම්ඛේට ජන්දය භාවිතා කළ බව තහවුරු කරමින් පුද්ගලයකු සිය ජන්දය භාවිතා කර ඇති ආකාරයයි.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close