රුසියාව ලොව බිහිසුණුම රොබෝ යන්ත්‍රය නිපදවයි

මෙතෙක් ලොව නිෂ්පාදනය කළ බිහිසුණුම රෝබෝ යන්ත්‍රය නිර්මාණය කිරීමට රුසියාව සමත්ව සිටිනවා. එම රොබෝ යන්ත්‍රය නම් කර ඇත්තේ රොබෝ භටයා නමින්. මෙහි ඇති විශේෂත්වය වන්නේ සැතපුම් 4ක් දුරින් සිටින සතුරකු පවා හදුනාගෙන ඝාතනය කිරීමට මෙම රොබෝ යන්ත්‍රයට හැකියාව පවතින බවයි. කිසිවකුගේ මෙහෙයවීමෙන් තොරව ක්‍රියාත්මක වන මෙම රොබෝවට අති සංවේදී රේඩාර් යන්ත්‍රයක් ද ඇතුලත්. ඒ අනුව සැතපුම් 4 ක් දුරින් සිටින සතුරකු පවා හදුනාගෙන සියයට 100ක් නැවිරදිව වෙඩි උණ්ඩ ඒ වෙත යොමුකිරීමට මෙම රොබෝ යන්ත්‍රයට හැකියාව පවතිනවා.
එමෙන්ම මීටර් 400 ක් දුර පවතින ඉලක්කයක් වෙත අත්බෝම්බයක් එල්ල කිරීමටද මෙම රොබෝ යන්ත්‍රය සමත්.


එසේම ගුවන් මගින් පැමිණෙන සතුරන් හා ඩ්‍රෝණ යානා බිම හෙලීමට හැකි පරිදි සියලුම තාක්ෂණයන්ගෙන් අනූණව මෙම රොබෝ භටයා නිර්මාණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඇතැම් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙය මිනිස් සංහතියටම තර්ජනයක් එල්ල කරන නිර්මාණයක් බවයි. ඒ මිනිසුන් දුටු සැණින් ප්‍රහාර එල්ල කිරීමට මෙම රොබෝව සකස් කර ඇති බැවින්. එහි සීමාව කොතනින් නවතිනු ඇත්දැයි විද්‍යාඥයන් ප්‍රශ්න කර තිබෙනවා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close