හිලරිගෙන් එෆ් බී අයි ලොක්කට දොස් / ට්‍රම්ප්ට තවමත් විරෝධතා

තමන් අමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමට මුල්වූ පුද්ගලයා එෆ් බී අයි ආයතනයේ අධ්‍යක්ෂ ජේම්ස් කොම්ලි බවට හිලරි ක්ලින්ටන් මහක්මිය චෝදනා එල්ලකර තිබෙනවා.
ඩිමොක්ක්‍රටික් පක්ෂයට මූල්‍ය ආධාර ලබාදෙන්නන් අමතමින් ඇය කියා සිටියේ ඊ මේල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් ඔහු තමන්ට එල්ල කළ ව්‍යාජ චෝදනා මෙම තත්ත්වයට මුල්වූ බවයි.
එහි වගකීම සම්පූර්ණයෙන්ම එෆ් බී අයි ප්‍රධානියාට පවරන බවද ඇය කියා සිටියා.
මේ අතර දහස් ගණනක් විරෝධතාකරුවෝ හතරවැනි දිනයටත් ජනාධිපති පදවිය සඳහා තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අද විරෝධය පල කළා.
නිව්යෝර්ක් නගරයේ යූනියන් චතුරශ්‍රය වෙත යාමට උත්සාහ කළ විරෝධතාකරුවන් පිරිසක් පොලීසිය විසින් වලක්වනු ලැබූ අතර තවත් පිරිසක් ට්‍රම්ප් ටවර් හි පිහිටි ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ව්‍යාපාර මූලස්ථානය සහ නිවස වෙත යාමට උත්සාහ කර තිබුණා.
ඒ හේතුවෙන් ආසන්න කලාපයේ ආරක්ෂාව තර කර තිබෙනවා.
මේ පිළිබද අදහස් දක්වමින් ඩොනල්ඞ් ට්‍රම්ප්මහතා සදහන් කළේ ජනමතයට හිස නවන ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලන බවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close