2500 අවම දඩය වෙනස් නොවේ / මුදල් ඇමති කියයි

මාර්ග නීති පිළිබඳව විනයක් හා ගරුත්වයක් ජනතාව තුළ ඇතිකිරීමේ රජයේ ක්‍රමෝයායන් ලෙස අයවැය මගින්  වාහන නීති කඩකරන්නන්ට එරෙහිව පනවන ලද  රු.2500.00 යේ අවම දඩ මුදල ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුනානායක මහතා පවසනවා.

මේ ඒ පිළිබද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයයි.

මාර්ග නීති රීති නොසලකා හැරීම ඇතුළුව නීති උල්ලංඝනය කිරීම් රටේ ප්‍රධාන ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ.

අය වැය සකස්කිරීම සඳහා ලැබූ යෝජනාවලින් 90% කින් පමණම ජනතාව ඉල්ලා සිටියේ රටේ සියලූ ක්ෂෙත්‍රයන්හි විනය ඇතිකිරීම හා නීතිය පිළිපැදීම ට් ජනතාව යොමු කළ යුතුයි යන්නයි.

මාර්ග නීති උල්ලංඝනය කිරීම ට එරෙහිව අය වැය මගින් පනවන ලද රු 2500.00 අවම දඩය ඉවත් කරන මෙන් පුද්ගලික බස් සංගමයක් විසින් කරන ඉල්ලීම පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා මෙය පනවන ලද්දේ දහස් ගණන් මෝටර් රථ කරුවන්ගේ හා පදිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා බවද සදහන් කළා.

පුද්ගලික බස් ධාවකයන්  මෙතරම් නීතියට එරෙහිවන්නේ ඇයි දැයි විමසූ මුදල් අමාත්‍යවරයා මාර්ග නීති නිරතුරුව කඩකරන්නේ ඔවුන් යැයි ඔවුන්ම පිළිගන්නා හෙලිවන බවද පැවසුවා.

පොලිස් වාර්ථා වට අනුව මෙම වසරේ දී මෙවනතෙක්  රිය අනතුරුවලින් 3000 ට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙමගින් ලංකාවේ පාරවල් ලොව අවදානම් මාර්ග බවට පත්ව තිබෙනවා.මෙය යුද්දය හේතුවෙන් වසරකට මැරුණු සංඛ්‍යාව අභිබවා යාමක් ලෙසයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම අවම දඩමුදල් නියම කිරීම ට විරුද්ද වීම හරහා, මිනිසුන් අනතුරුවලින් මරුමුවට පත්කිරීම වෙනුවෙන් නීතියෙන් මුක්තිය ලබදෙන්නයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින බව පෙනෙන බවද ඔහු කියා සිටියා.

අය වැය වෙනුවෙන් ලැබුණු යෝජනා පිළිබඳව ජනතාව සමග සාකච්ඡා කළ අවස්තාවේදී මාර්ගයේ සිදුවන අනතුරු අවම කිරීම සඳහා සහ විනයක් ගෙන ඒමට වහ පියවර ගත යුතු යැයි ඉල්ලීම් සිදුව තිබුණා.

 

මාර්ග නීතිය යටතේ අවම දඩය වැඩි කළේ රජයට ආදායම් මාර්ගයක් ලෙස නොව රියදුරන් මාර්ග නීති කඩ කිරීම වළක්වාලීම සඳහා වන උපක්‍රමයක් ලෙස හා මාර්ගය ආරක්ෂා සහිථ කිරීම සඳහාත් ය.එහෙයින් මාර්ග නීති කඩ නොකරන රියදුරන් හෝ වාහන හිමියන් කිසිවෙකුත් මෙසේ දඩ මුදල් වැඩිකිරීම සම්බන්ධයෙන් බිය විය යුතු නැත. මාර්ග නීති කඩ කරමින් අනතුරු දායක ලෙස රිය පදවන්නන් දඩ ගෙවීම සිදු කළයුත්තකි.

මාර්ගයේ වාහන තද බද අතිවන්නේ ද විනය විරෝධීව රිය පදවන්නන් හේතුවෙන් බවද මෙහිදී අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close