ජැකී චෑන්ට ඔස්කාර් සම්මානයක්

සිනමා ක්ෂේත්‍රයට ලබා දුන් දායකත්වය ඇගයීමට ලක් කරමින් ජනප්‍රිය නළු ජැකී චෑන්ට ඔස්කාර් සම්මානයක් පිරිනමා තිඛෙනවා.

අට වැනි වියේදී පළමුවරට චිත්‍රපටයක පෙනී සිටි චෑන් මේ වන විට රංගනයෙන් දායකවී ඇති චිත්‍රපට ගණන 200  ඉක්මවනවා.

1995 වසරේදී තිරගත වූ ‘Rumble in the Bronx’ චිත්‍රපටයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධිය දිනාගත් චෑන් ‘Rush Hour’චිත්‍රපට ත්‍රිත්වය ‘The Karate Kid’වැනි හොලිවුඩ් නිර්මාණ සඳහා ද රංගනයෙන් දායක විය.

චිත්‍රපට දෙසීයකට වැඩි සංඛ්‍යාවක රගපා වසර 56ක් කලාවේ නිරතවෙමින් මෙම සම්මානය අවසානයේදී හිමිවූ බවයි සුපිරි රංගන ශිල්පියා මාධ්‍ය වෙත සදහන් කළේ.

ඔබගේ අදහස අපට කියන්න

Close