දඩය වැඩි කිරීමට එරෙහි බස් සටනට ත්‍රීරෝධ රථ සහාය

රථවාහන වැරදි සම්බන්ධයෙන් අයවැයෙන් පනවා ඇති රුපියල් 2500 ක්‌ වන අවම දඩයට එරෙහිව ආරම්භ කිරීමට නියමිත පෞද්ගලික බස්‌ වර්ජනය සම්බන්ධයෙන් අද අවසන් තීරණයට එලඹෙන බව බස් සංගම් පවසනවා. ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පැවසුවේ බොහෝ විට වර්ජනයක් වෙත යොමුවීමට සිදුවනු ඇති බවයි.

රුපියල් 20, 50, 100 ට තිබුණු අවම දඩය මේ අයවැයෙන් රුපියල් 2500 ක්‌ කරලා. මේක හරි අසාධාරණයි. බස්‌ රථ රියෑදුරකුට රු. 2500 ක දඩයක්‌ ගැහුවොත් කොහොමද එයා ජීවත්වන්නෙ. මේ දඩය නිසා පෞද්ගලික බස්‌ රථ රියෑදුරන් සේවයට එන්න අදි මදි කරනවා. ඒ නිසා මේ රුපියල් 2500 අවම දඩය රජය අකුලා ගත්තේ නැත්නම් අපි ලබන අඟහරුවාදා හෝ බදාදා, බස්‌ වර්ජනයකට යනවා. බස්‌ කර්මාන්තයත් අගාධයට යමින් තිබෙන මොහොතක මේ රුපියල් 2500 අවම දඩයත් මහා පීඩාවක්‌ වෙලා.

“අපි අද (සඳුදා) මේ ගැන තීරණයක්‌ ගන්නවා. රජයේ ප්‍රතිචාරයක්‌ නොලැබුණොත් අපි අනිවාර්යයෙන්ම වැඩ වර්ජනයකට යනවාමයි.

රථවාහන වැරදි සම්බන්ධයෙන් අවම දඩය රුපියල් 2500 ක්‌ කිරීමට නතර නොකරන්නේ නම් ත්‍රිරෝද රථ රියෑදුරන් සමඟ එක්‌ව පාර්ලිමේන්තුව වටලන බව ලංකා ස්‌වයං රැකියා ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය පවසනවා. එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසුවේ අයවැයෙන් තම කර්මාන්තය අනතුරට ලක්කර ඇති බවයි.

ත්‍රිරෝද රථ රියෑදුරාට කිසිම සහනයක්‌ රජයෙන් දීලා නැහැ. ත්‍රිරෝද රථ වෘත්තිකයා මේ වන විටත් නන්නත්තාර වෙලයි ඉන්නේ. අද ත්‍රිරෝද රථයට හොඳටම ගහලයි තියෙන්නේ. රථවාහන වැරැද්දකට අවම දඩය තිබුණේ රුපියල් 20 යි. ඒත් මෙවර අයවැයෙන් ඒ දඩය රුපියල් 2500 ක්‌ කරලා. අපි ඒකට විරුද්ධයි. ඒකට විරුද්ධව අපි අපේ ක්‍රියාමාර්ග ගන්නවා. මේ ගැන අපි ඇමැතිතුමා සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදී විසඳුමක්‌ නොලැබුණොත් අපි මේ රටේ සියලු ත්‍රිරෝද රථ වෘත්තිකයන්ද මේ රටේ සියලු වාහන පදවන රියෑදුරන් වෙනුවෙන් පෙනී සිටිනවා.

One thought on “දඩය වැඩි කිරීමට එරෙහි බස් සටනට ත්‍රීරෝධ රථ සහාය

  • November 14, 2016 at 5:25 am
    Permalink

    රජය ,තමන්ගේ අරමුනක් නැති වියදම් හොයාදෙන ලෙස නිලදාරින්ට කියයි. මේ නිලදාරින් බොහොමයක් කලාඋපාධිධාරින් මොවුන් නිශ්පාදනයක් හෝ එපිලිබදතාක්ෂණයක දැනුම ඇති අය නොවේ ඔවුන් දන්න එකම දේ බදු පැන්විම විතරයි. වෙනත් ක්ෂේත්රය වල පුද්ගලයින් මේ සදහා සහබාගි කරගැනිමට ඔවුන් මැලිවේ හෙතුව ඔවුන්ගේ එකාධිකාරිය එයින් බිදවැටේවි කියන බය
    2017 අයවැය ලේඛනයෙන් නිෂ්පාදන ඉසවුවකට යොමුවි නෑ එකියන්නේ 2018 වර්ශය සදහාත් මිට වඩා බදු ප්රමාණයක් එකතුවනු ඇත පුරවැයියන් වන අප මෙයට විරුද්ධව හඩක් නැගිය යුතුමයි.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close