දුම්රිය අනතුරක් වලක්වමින් අබාධිත පුද්ගලයකු වීර ක්‍රියාවක

දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී වෙන්ව ගොස් තිබෙන අයුරු දැක කන්කසන්තුරයේ සිට ගල්කිස්ස දක්වා මගීන් විශාල පිරිසක් සමග ධාවනයවූ යාල්දේවී සිඝ්‍රගාමී දුම්රිය නවතන ලෙස සංඥාකර සිදුවීමට ගිය මහා විනාශයක් වලකාලීමට තඹුත්තේගම පදිංචි අබාධිත දෙදරු පියෙකු කටයුතු කර තිබෙනවා.

විදේශයකදී සිදුවූ දරුණු අනතුරකින් බරපතල තුවාල ලබා ඇසක් අහිමිව සිටින වැවවාන තඹුත්තේගම ලිපිනයේ පදිංචි එස් ඩබ්ලිව් විජිත (44) මහතායි මෙම අනතුර වලක්වා ඇත්තේ.

ඒ හේතුවෙන්  දුම්රිය පිලිපැන පෙරලි ගොස් මගී ජිවිත සිය ගණනකට සිදුවීමට ඉඩතිබූ අනතුර වලක්වා ගැනීමට හැකියාව ලැබී තිබුණා.

සවස 3.25ට පමණ පසලොස්වක පොහෝය නිමිත්තෙන් විහාර ස්ථානයේ සිල් සමාදන්වී සිටින උවැසි උවැසියන්ට ගිලන්පස රැගෙන යාමට විජිත මහතා  උතුරු දුම්රිය මාර්ගය හරහා ගමන් කර තිබුණා.  උතුරු දුම්රිය මාර්ගයේ අංක 10 බැදිවැව ගම්මානය ආසන්නයෙන් (තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර) රේල් පීල්ලක අඩි තුනක පමණ ප්‍රමාණයක් කැඩි වෙන්ව තිබෙන අයුරු දැක ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් (119)අංශය දැනුවත් කිරීමටයි විජිත මහතා කටයුතු කර තිබුණේ.

එම දැන්වීමකර විනාඩි කිහිපයක් ගතවෙද්දී මගින් සහිත දුම්රිය තඹුත්තේගම සිට සෙනරතගම දෙසට වේගයෙන් ධාවනය වන හඩ ඇසුනු ආබාධිත දෙදරු පියා   වහාම නිවසට දිව ගොස් රතු පැහැති ටීෂර්ටයක් රැගෙනවිත් දුම්රිය මගේ අනතුරක් ඇතිබව කියමින් වහාම දුම්රිය නවතන ලෙස රියදුරාට  අනතුරු අගවා තිබුණා.
එය දුටු දුම්රිය රියදුරන් යාල් දේවි දුම්රිය වහා නතර කිරීමටයි පියවර ගෙන තිබුණේ.
දුම්රිය නැවතු රියදුරු ඇතුළු නිළධාරින් දුම්රියෙන් බැස මාර්ගය පරික්ෂාට ලක්කරද්දී දුම්රිය පීල්ලක් කැඩිගොස් තිබෙන අයුරු හදුනාගෙන ඇති බවයි පැවසෙන්නේ. විජිත මහතා අනතුර දැක නුවනින් යුතුව කටයුතු නොකලේ නම් දුම්රිය පිලිපැන මහා විනාශයක් සිදුවීමට ඉඩතිබූ බව දුම්රිය නිළධාරින් පැවසු අතර ඒ වන විට දුම්රියේ අසුන්ගෙන හා අසුන් නොගත් මගීන් 2500 ක් පමණ යාල්දේවී දුම්රියේ මැදිරි නමයේ ගමන්කල බව වාර්තා වුණා.

මාර්ගය කැඩියාම දුම්රිය පාලක මැදිරියට දැන්වීමෙන් අනතුරුව නඩත්තු ඒකකය වහාම එහි ගොස් දුම්රිය මග ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබෙනවා.

එසේ නොවන්නට බිහිසුණු දුම්රිය අනතුරක් සිදුවන්නට ඉඩ තිබූ බවයි දුම්රිය බලධාරීන් පවසන්නේ.

 

ඔබගේ අදහස අපට කියන්න

Close