නවසීලන්ත සුනාමිය මීටර 5ක් උස්වීමේ අවදානමක්

නවසීලන්තයට බලෑ භූ කම්පනයෙන් පසු මතුවූ සුනාමි අවධානම තවත් වර්ධනය වන බව ප්‍රකාශවී තිඛෙනවා. නවසීලන්ත සිවිල් ආරක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එරට නැගෙනහිර වෙරළ කලාපයට මීඨර 5ක් උස සුනාමි තත්ත්වයක් බලපානු ඇති බවයි. භූ කම්පනයෙන් පසුව Kaikoura කලාපයට මීටර 2යි දශම 5ක් උස සුනාමි ප්‍රහාරයක් එල්ල වුණා. එය පලමු සුනාමි රැල්ලවීම හේතුවෙන් ප්‍රබලත්වය අවම වුවද දෙවන රැල්ල වඩාත් බිහිසුනු විය හැකි බවයි සදහන් කර ඇත්තේ.
භූ කම්පනයෙන් පසු ක්‍රයිස්චර්ච් වෙරළට මීටර 1ක සුනාමියක් බලපෑ අතර වෙලින්ටන් නගරයට බලපෑමේ මීටර භාගයක සුලු සුනාමි තත්ත්වයක්.
කෙසේ වෙතත් මේ වන විට අඛණ්ඩව සිදුවන පසු කම්පන හේතුවෙන් මෙම අවධානම බොහෝ සේ ඉහල යා හැකි බවයි ප්‍රකාශ වන්නේ.
භූ කම්පනය හේතුවෙන් නවසීලන්තය පුරා ගොඩනැගිලි කඩාවැටීම් හා වෙනත් ආපදාවන් වාර්තාවුණා.
ඒ හේතුවෙන් මේ වන විට වාර්තාවන මරණ සංඛ්‍යාව 2ක්.
වෙරළාසන්න කලාපවලින් මේ වන විටත් නවසීළන්ත වැසියන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර උස් ස්ථානවලට ගමන් කරන ලෙස ඔවුන්ට අඛණ්ඩව අවවාද නිකුත් කෙරෙනවා.

A picture of a large fissure running along Kaikoura Road about two hours north of ChristchurchDebris from buildings are seen on a sidewalk past a cordon line in WellingtonNew Zealand residents camp near the top of Mt Victoria, the highest hill in WellingtonA large fissure runs along Kaikoura Road about two hours north of ChristchurchA map showing the epicentre of the earthquake in New ZealandBottles and boxes of cereals like broken on the floor of supermarket Fresh Choice Nelson CityA picture shared on Twitter showing damage to a kitchen in WellingtonFour people sit on a low wall under blankets after the earthquake

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close