නවසීළන්ත භූ කම්පනයෙන් හා සුනාමියෙන් ලාංකිකයන්ට හානි නෑ

නවසීලන්තයේ සිදු වූ භූ කම්පනයෙන් අනතුරුව හටගත් සූනාමි තත්ත්වය හේතුවෙන් එහි සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව නවසිලන්තයේ ශ්‍රී ලංකා කොන්සල කාර්යාලය නිවේදනය කරනවා.
ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවයි කොන්සල් කාර්යාලය සදහන් කළේ.

ඊයේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ආසන්නයේ රික්ටර් මාපාංක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගත්තා. ඉන් පසු ප්‍රබල පසු කම්පන කිහිපයක්ද වාර්තා වුණා. එයින් පැය 2කට පසුවයි සුනාමි තත්ත්වයක් බලපානු ලැබුවේ.

මෙම තත්ත්වයන් හේතුවෙන් එම ප්‍රදේශයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව නවසීලන්තයේ ශ්‍රී ලංකා කොන්සල නිලධාරී විදුරංග අබේගුණසේකර මහතා ප්‍රකාශ කළා.

මෙම භූ කම්පනයේ කේන්ද්‍රය ක්‍රයිස්චර්ච් නුවරට කිලෝමිටර් 95ක් පමණ දුරින් පැවැති අතර භූ කම්පනය වෙලින්ටන් ඇතුළු නගර කිහිපයකට දැනී තිබුණා.

මෙහිදී ඇතිවූ උපරිම සුනාමි තත්ත්වය දැක්වුණේ මීටර දෙකහමාරක් ලෙසයි.

ඔබගේ අදහස අපට කියන්න

Close