නිදහසින් පසු ලංකාවට පායන ලොකුම සඳ අද රාත්‍රියේ

නිදහසින් පසු ලංකාවට දිස්වන දැවැන්තම සද අද දිස්වීමට නියමිතව තිඛෙනවා. ‘සුපර් මූන්‘ ලෙස හඳුන්වන මෙම අවස්ථාවේදී පුර සඳ සාමාන්‍ය අවස්ථාවකදී මෙන් සියයට 14ක් විශාලව දිස්වනවා. එමෙන්ම එහි ආලෝකය සියයට 30 කින් වර්ධනය වනු ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. යළිත් 2034 වසරේදී මෙවන් තත්ත්වයක් දැක බලා ගත හැකි වනවා.  සඳ පෘථිවිය වටා ගමන් කරණ මාර්ගය ඉලිප්සාකාර වීම හේතුවෙන් මෙලෙස සුපිරි සදක් දර්ශනය වෙයි. සුපිරි සඳ දක්නට ලැබෙන්නේ චන්ද්‍ර‍යා පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කරණ පුන් පොහෝ දිනක දී ය. පෘථිවිය වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන චන්ද්‍රයා පෘථිවියට සමීපතම අවස්ථාව පෘථිවි සමීපකය ලෙසත්, පෘථිවියට දුරින්ම පිහිටන අවස්ථාව පෘථිවි දූරකය ලෙසත් හැඳින්වේ.මීට පෙර මෙවන් සදක් දිස්වී තිබුණේ ශ්‍රී ලංකාවට නිදහස් හිමිවූ 1948 වසරේදීයි.

මෙම සඳේ ඇසට පෙනෙන වෙනසක් දැක ගැනීමට නම් සඳ ක්ෂිතිජය ආසන්නයේ ඇතිවිට නැරඹිය යුතුය. මෙය අපට මෙම වසරේ දී දර්ශනය වන දෙවන සුපිරි සඳයි. 2016 වර්ෂයේදී සුපිරි සඳවල් තුනක් අපට දර්ශනය වන අතර මෙදින එහි දෙවැන්න යෙදී ඇත. සුපිරි සඳක් යනු සාමාන්‍යයෙන් අප දකින සඳට වඩා තරමක් විශාල හා දීප්තිමත් සඳකි.

සුපිරි සඳක් දර්ශනය වීමට හේතුවන්නේ සඳ පෘථිවියට සමීපයෙන් පිහිටන අවස්ථාව සහ පුර සඳ අවස්ථාව යන දෙකම එකවර සිදුවීමයි.  පෘථිවිය හා චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර ප්‍රමාණය කිලෝමීටර 384,400 පමණ වන අතර නොවැම්බර් 14 දින එය කිලෝමීටර 356,509 පමණ වේ.

http://i2.wp.com/www.space.com/images/i/000/008/683/original/supermoon-lunar-perigee-huge-150914b-02.jpg?w=800

ඔබගේ අදහස අපට කියන්න

Close