පලමු එක්දින තරගයෙන් ලංකාවට පහසු ජයක්

සිම්බාබ්වේ / ශ්‍රී ලංකා / කොදෙව් කණ්ඩායම අතර තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පලමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය වාර්තා කළා.
ඒ සිම්බාබ්වේ පිල කඩුලු 8කින් පරාජයට පත් කරමිනුයි.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංගගේ ඇරයුමෙන් පලමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල පන්දුවාර 41යි පන්දු 3කදී ලකුණු 154 ක් රැස් කිරීමට සමත් වුණා.
සිම්බාබ්වේ පිල වෙනුවෙන් පීටර් මූර් ලකුණු 47 ක් ලබාගත් අතර නායක ග්‍රෑම් ක්‍රිමර් 31යි.
පන්දු යැවීමේදී අසේල ගුණරත්න කඩුලු 3ක් දවාගනු ලැබුවා.
ශ්‍රී ලංකා පිල තරගය ජය ගත්තේ පන්දුවාර 24 යි පන්දු 3කදී කඩුලු 2ක් දැවී ලකුණු 155ක් රැස් කරමිනුයි.
ධනංජය සිල්වා නොදැවී ලකුනු 78 ක් ලබාගත් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 41 යි.
ධනංජය සිල්වා තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබුවා.

cricket-1 cricket-2

ඔබගේ අදහස අපට කියන්න

Close