ලක්ෂ 30ක් රටින් නෙරපනවා / ට්‍රම්ප් කියයි

තමන් ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් පසු එරට තුල රැදී සිටින සියලු අනවසර සංක්‍රමණිකයින් රටින් පිටුවහල් කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සී බී එස් ආයතනය සමග සාකච්ජාවකට එක්වෙමින්.
මෙහි පලමු අධියර ලෙස අපරාධ චෝදනා / මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූ පිරිස් මෙහිදී ඉලක්කය බව පවසන නව ජනාධිපතිවරයා මිලියන 3ක පිරිසක් රටින් නෙරපන බවයි තහවුරු කළේ.
තමන් ජනපතිවරණයේදී පොරොන්දුවූ අයුරින්ම මෙක්සිකෝව හා අමෙරිකාව වෙන් කරමින් දැවැන්ත තාප්පයක් නිර්මාණය කරන බවද ඔහු සදහන් කළා.
නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලබන ජනවාරි 20 වනදා වැඩ භාරගැනීමට නියමිතයි.
මේ අතර අමෙරිකාව තුල රැදී සිටින මිලියන 11ක් වන නීති විරෝධී සංක්‍රමණිකයින් මේ වන විට අධික බියකින් පසුවන බවයි අමෙරිකානු වාර්තා පවසන්නේ. මේ අතර ට්‍රම් විරෝධී රැළි මෙන්ම ඔහුට සහය දක්වන රැළිද එරට තුල ක්‍රියාත්මකයි.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close