ආවා කල්ලියේ 62න් 38ක් කොටුවෙලා

උතුරේ මංකොල්ලකෑමේ නිරතවන ආවා කල්ලියේ 62 නකු අතරින් 38 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. මේ බව අනාවරණ කෙරeණේ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා අද පාර්ලිමේන්තුව හමුවේ ලබාදුන් පිළිතුරකට අනුවයි.

මෙම කණ්ඩායම විසින් යාපනය අර්ධද්වීපය තුළ,යාපනය, කෝපායි, චුන්නාගම්,චාවාකච්චේරි,මනිපායී යන පොලිස් වසම්වල හා උතුරු පළාත්වල විවිධ කොල්ලකෑම් හා විශ්වවිද්‍යාල සිසුන් බිය වද්දා පහර දීම්,වෙළඳ ව්‍යාපාරිකයින් බියවද්දා පහර දීම්,වැනි අපරාධ සිදු කර ඇති බවට වාර්තා වී ඇත. පසුගිය කාලයේ කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ කර ඇති බවට තොරතුරුඅනාවරණය කරගෙන තිබෙනවා. සාමාජිකයන් අත් අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා තිබෙනවා.දැනට 62ක් කියා හඳුනාගෙන තිබෙනවා.ඉන් 38ක් අත් අඩංගුවට අරගෙන හයදෙනෙකු පිළිබඳව විමර්ශන කරගෙන යනවා. තවත් අට දෙනෙකු සොයමින් සිටිනවා. මෙයයි වර්තමාන තත්ත්වය.මේ පිරිස අතේ සල්ලි තිබෙනවා.විදේශගත ව සිටින ඥාතීන්ගෙන් සල්ලි එනවා කියා සිතනවා. නවීන පන්නයේ මෝටර් සයිකල් තිබෙනවා.විමර්ශන කරගෙන යනවා.යුද හමුදා  නිලධාරියේ සේවයට වාර්තා නොකළ අයෙක්. විමර්ශන කරගෙන යනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close