පේරු රාජ්‍යයට පියාඹන පීරිසියක් කඩා වැටෙයි

පේරු රාජ්‍යයේ ලීමා අගනුවරට ඉහල අහසේ දර්ශනය වූ අබිරහස් පියාසර වස්තුවක් ගිනිගෙන කඩා වැටී තිඛෙනවා. ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කළේ මෙය හදුනා නොගත් පිටසක්වල යානයක් ලෙස සැක කරන බවයි. එම කලාපයේ ගුවන් බැලුනයක් හෝ කිසිදු ගුවන් යානයක් කඩා වැටී ඇති බවටද වාර්තා පලව නැහැ. මෙම අබිරහස් වස්තුව කඩා වැටී ඇත්තේ කවර කලාපයකටදැයි මෙතෙක් හදුනාගැනීමක්ද සිදුව නැහැ.

පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි මෙය උල්කාපාතයක් නොවන බව තහවුරු කිරීමට සාධක රැසක්ම ඉදිරිපත්ව තිඛෙනවා. ඒ අහසේ නිශ්චලව රැදෙමින් හා යළි ගමන් කරමින් පැවැති මෙම වස්තුව පසුව එක්වරම ගිනි ගැනීමක් පෙන්නුම් කරමින් වේගයෙන් පහලට ගමන් කිරීම ඊට එක් හේතුවක්.
මේ එම අවස්ථාවට අදාල වීඩියෝ හා ජායාරූප කිහිපයක්.

The unidentified object was described by some as 'burning' and was seen by hundreds of people in the Peruvian capitalThe object eventually disappeared behind a row of trees (above). A similar object was reportedly seen elsewhere in Peru

ඔබගේ අදහස අපට කියන්න

Close