බොරු මාධ්‍යවේදියා මානසික ලෙඩෙක්ලු ?

පණ්ඩිත් අමරදේව සූරීන්ගේ අවසන් කටයුතු පැවති අවස්ථාවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය තුළ මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් ජනාධිපති සහ අගමැති අසළ සැකකටයුතු අන්දමින් හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත්රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.
ඒ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දක්වමින් සැකකරු මානසික රෝගයකින් පෙළෙන බව ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව සැකකරු පිළිබඳව මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළේ.
එතෙක් සැකකරු ලබන 17වන දින දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කෙරුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close