මිනිසා විනාශය ආසන්නයේ/ ලොව බුද්ධිමත්ම මිනිසාගෙන් අනාවැකි

ලෝකයේ ජීවත්වන බුද්ධිමත්ම මිනිසා සේ සැලකෙන මහාචාර්ය ස්ටෙෆන් හෝකින් මිනිසාගේ අනාගතය සම්බන්ධයෙත් තීරණාත්මක අනාවැකියක් පල කර තිඛෙනවා. ඒ ඔක්ස්ෆර්ඩ් සරසවියේදී විශේෂ දේශනයක් සිදුකරමින්.
මහාචාර්යවරයා මෙහිදී සදහන් කළේ ඉදිරි වසර 1000 තුල මිනිසා පෘථවියෙන් වදවී යන බවයි. ඊට අදාළ පසුබිම මේ වන විට උවමනාවටත් වඩා හොදින් සකස්වී ඇති බවද මහාචාර්යවරයා සදහන් කරනවා. ඒ හේතුවෙන් වහාම පෘථවියෙන් නික්ම වෙනත් නවාතැනක් වෙත මිනිසා යොමුකිරීමේ වැඩසටහන්වල ප්‍රගතියක් අත් කර ගත යුතු බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ.
මේ වන විට න්‍යෂ්ඨික අවි පෘථවිය දස දහස් වාරයක් විනාශ කිරීමට හැකි තරමින්ම පෘථවිය තුල ගබඩාවී තිඛෙනවා.

Humans will not survive another 1,000 years on 'fragile' Earth, according to Professor Stephen Hawking. The renowned theoretical physicist believes that life on Earth is at an ever-increasing risk of being wiped out by a disaster, such as the increasing threat of artificial intelligence
එසේම මිනිස් සංහතියම තුරන් කළ හැකි ජෛව විද්‍යාත්මක අවි මේ වන විටත් පෘථවියේ නිර්මාණයවී ඇති හා නිර්මාණය වෙමින් පවතින බව හෝකින් මහතා අනාවරණ කළා.
එසේම කෘතිම බුද්ධිය වර්ධනය කිරීමද මිනිසාගේ විනාශය වේගවත් කර ඇති බවයි ඔහු පවසන්නේ.

Professor Hawking said: 'I don't think we will survive another 1,000 years without escaping our fragile planet'

ඒ අනුව මිනිසා පෘථවියෙන් පිටතට ගෙන යාම වෙනුවෙන් ආරම්භ කර ඇති ව්‍යාපෘති රැසක්ම මේ වන විට තවදුරටත් ක්‍රියාත්මකයි.
එහිදී ඉදිරි වසර 50 තීරණාත්මක වනු ඇති බවයි ස්ටෙෆන් හෝකින් මහතා පවසන්නේ.
මේ වන විට සිදුකරන ව්‍යාපෘති අනුව ඉදිරි වසර 50 තුල පිටසක්වල ජීවීන් හා සබදකම් ගොඩනගා ගැනීමට හැකියාව ලැඛෙනු ඇති බවද මහාචාර්යවරයා අවධාරණය කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close