ජී එල් ගේ පක්ෂයට වමේ පක්ෂ 5ක සහාය

හාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලංකා ‍පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට සමාජවාදී ජනතා පෙරමුණට අයත් වමේ පක්ෂ පහ තීරණය කර තිඛෙනවා. ඒ අනුව සමාජවාදී ජනතා පෙරමුණට අයත් ලංකා සමසමාජ පක්ෂය,  කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා දේශ විමුක්ති ජනතා පක්ෂය ඇතුළු සමාජවාදී පක්ෂ නව පක්ෂය සමග එක්වීමට නියමිතයි.

බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ සමාජවාදී ජනතා පෙරමුණ විසින් කැඳවූ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍යවරයකු වන තිස්ස විතාරණ මහතා මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පක්ෂය නිර්මාණය වූයේ සැබෑ ලෙසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගරු කරන පිරිසට එක්වීම සඳහා බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ඉදිරියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව නව පක්ෂය ඉදිරියට රැගෙන යන බව තිස්ස විතාරණ මහතා සදහන් කළා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close