තාජුඩීන් ඝාතනයට පැයකට පෙර ආ ඇමතුමකින් රහස් හෙළිවෙයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැය කිහිපයකට පෙර ඔහුගේ මිතුරකුට ලද දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.
අතිරේක සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පැවසුවේ තාජුඩීන්ගේ ඝාතනය සිදු වු දිනයේ දී පැය කිහිපයකට පෙර ඔහුගේ යහළුවකු වන අහමඩ් සෆර්ට මෙම ඇමතුම ලැබී ඇති බවයි.
මෙම ඇමතුම නඩු විභාගය සම්බන්ධ තීරණාත්මක සාධකයක් වනු ඇති බවටයි අදහස් පලවුණේ.

එමගින් ඝාතනයට අදාළ මෙතෙක් නොවිසදුනු ගැටලු කිහිපයක් පිළිබද සාක්ෂි ලැබී ඇති බවද සදහන් වනවා.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා නොවැම්බර් 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද නියෝග කළා.
ඒ සිද්ධියට අදාල නඩු විභාගය යලි කැදවීමෙන් පසුවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close