බලපත්‍ර නැතිව රිය ධාවනයට දඩය 20,000තෙක් ඉහලට

රියැදුරු බලපත්‍රයක් නොමැතිව වාහන ධාවනය කරන රියැදුරන්ට නියම කරන දඩ මුදල රුපියල් 20,000 දක්වා ඉහල නැංවීමට තීරණය කර තිඛෙනවා. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බවයි. 2017 අය වැයෙන් මෙම දඩය රුපිල් 15,000 දක්වා ඉහල නැංවීමටයි තීරණය කළේ.

නොමැතිව රිය ධාවනය කරන්නන්ටද මෙම දඩය අදාළ වනවා.

ඒ අනුව තමන් කැබිනට් මණ්ඩලයේදීද සඳහන් කළ පරිදි  ගැටලුවක්ව තිබූ රථ වාහන වැරදි සම්බන්ධයෙන් පනවනු ලබන රුපියල් දෙදහස් පන්සීයක අවම දඩ මුදලක් යැයි දඩයක් නැති බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

 රටේ පුද්ගලයන් විශාල පිරිසක් රථ වාහන වැරදි නිසා මිය යෑම වළක්වා ගැනීමත් මෙම දඩ පැනවීමේ එක් අරමුණක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඇතැම් මාධ්‍ය මෙම දඩ පැනවීම සම්බන්ධයෙන් වැරදි වාර්තා කර තිබු නිසා ව්‍යාකූල තත්ත්වයක් ඇතිවූ බවත් ඔහු සදහන් කළා.

කෙසේ වෙතත්  10 වැනිදා පාර්ලිමේන්තුවට අයවැය යෝජනා ඉදිරිපත් කරමින් අවම මාර්ග නීති කඩ කිරීම් සඳහා වූ දඩය රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරන අතර අනෙකුත් දඩද ඒ අනුව සංශෝධන කිරීමට යෝජනා කරන බවයි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එය මුල් කර ගනිමින් බස් සංගම් වැඩ වර්ජනයකට සූදානම්වූ අතර පසුව සාකච්ජා මගින් එය අත්හිටුවනු ලැබුවා.

One thought on “බලපත්‍ර නැතිව රිය ධාවනයට දඩය 20,000තෙක් ඉහලට

  • November 16, 2016 at 12:59 pm
    Permalink

    ira kapana eka kamak nedda

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close