රාජපක්ෂ සමයේ වද කදවුරු ගැන පරීක්ෂණ කෝ / ජගත් සංවිධානය රජයෙන් අසයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ  ශ්‍රී ලංකාවේ පැවති වද කඳවුරු පිළිබඳව නිසි විමර්ශනයක් පැවැත්වූයේ දැයි වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර තිඛෙනවා.

ජිනීවා නුවරදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡාවට බඳුන් වූ අවස්ථාවේ කමිටු නියෝජිතයන් එසේ ප්‍රශ්න කළ බව කමිටුවේ කටයුතු නිරීක්ෂණය කළ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා අනාවරණ කළා.

ශ්‍රී ලංකාවේ තවමත් රහසිගත වද කඳවුරු පවතින්නේද යන්න පිළිබදවද මෙහිදී ප්‍රශ්න කර තිඛෙනවා.

ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන්ම පොලිසියේ වදහිංසා පැනවීම් තවමත් නතර වී නැතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව මෙන්ම ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව එහිදී පිළිගත් බවද දේශප්‍රිය මහතා අනාවරණ කළා.

පසුගියදා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු කෙටි වේලාවකට රඳවා ගැනීම ඔහුගෙන් ‘පලිගැනීමක් දැයි’ යන්න කමිටුව රජයට යොමුකළ තවත් ප්‍රශ්නයක්.

වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව යොමු කළ ප්‍රශ්නවලට ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අද පිළිතුරු ලබාදීමට නියමිතයි.

ජාතික මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ඇතුලත් කරුණුවලට සාධනීය ප්‍රතිචාරයක් පලකිරීමට එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව සමත් වනු ඇති දැයි අවධානය පල වී තිබෙන බවද දේශප්‍රිය මහතා කියා සිටියා.
මෙහි අවසන් වාර්තාව ලබන මාසයේදී එළිදැක්වෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close