මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට වාරණ නියෝගයක්

ජාතීන් අතර සංහිඳියාවට බාධාවන ආකාරයේ ප්‍රචණ්ඩ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන් මතභේදයට ලක් වී සිටින මඩකලපුව මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව එරාවුර් සංචාරක අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ මතභේදයට ලක්වූ ඉඩමකට බලහත්කාරයෙන් පිවිසීම මුල්කර ගනිමින්.

එම අධිකරණ නියෝගය අනුව අම්පිටියේ සුමනරතන හිමියන්ට අදාළ ඉඩමට යළි පිවිසීම තහනම් කර තිඛෙනවා.

A – 5 මාර්ගයේ දමිළ ගම්මානයක පිහිටි ඉඩමට ඇතුල් වී එහි බෞද්ධ විහාරයක් පැවති බවක් පවසමින් සුමන හිමියන් ගම්වාසීන් සමඟ විවාදයක පැටලුන අවස්ථාවේයි, පොලිසිය අධිකරණ නියෝගය උන්වහන්සේට දැනුම් දී ඇත්තේ.

මහාමාර්ගයේ පෙළපාලි පැවැත්වීම,මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්වීම, ඉඩමකට බලහත්කාරයෙන් ඇතුල්වීම, එම ඉඩම තුළ ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු කිරීම, සලකුණු හෝ ගස් හිටුවීම, රැස්වීම් පැවැත්වීම තහනම් කරමිනුයි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් සෙන්කලඩි -බදුල්ල මාර්ගයේ පිහිටි පන්කුඩාවෙලි ගමේ පිහිටි අදාළ පෞද්ගලික ඉඩමේ බෞද්ධ පුරාවස්තු ඇති බවයි අම්පිටියේ සුමනරතන හිමියන් පවසන්නේ.

එම අවස්ථාවේ එහි ගැටුම්කාරී තත්වයක් උද්ගත වූ අතර අනතුරුව එහි පැමිණි කරදියනාරු පොලිසිය එරාවුර් සංචාරක අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය සුමනරතන හිමියන්ට භාර දී තිඛෙනවා.

ඉන් ස්වල්ප වේලාවකට පසු උන්වහන්සේ එම ස්ථානයෙන් පිට වී ගිය බවයි වාර්තා වන්නේ.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close