හිටපු ජනපති මහින්ද චීනයට එරෙහි වෙයි

හම්බන්තොට අක්‌කර පහළොස්‌ දහසක්‌, ගුවන් තොටුපොළ සහ වරාය එක්‌ රටක එක්‌ සමාගමකට ලබාදීම රටේ ස්‌වාධීනත්වයට හා ජාතික ආරක්‍ෂාවට එල්ලවන බලවත් තර්ජනයක්‌ බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ඒ අය වැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්.මේ එහිදී අදහස් දැක්වූ රාජපක්ෂ මහතා.

කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපය අක්‌කර 530 යි. බියගම නිදහස්‌ වෙළෙඳ කලාපය අක්‌කර 450 යි. අනෙක්‌ ආයෝජන කලාප අක්‌කර 400 ට අඩුයි. රටේ තිබෙන ආයෝජන කලාප දොළහම රජය සතුයි. ඒවාත් මෙතෙක්‌ මුළුමනින්ම පිරී ගොස්‌ නෑ. එවැනි තත්ත්වයකදී තමයි එක්‌ රටක එක්‌ සමාගමකට වරාය, ගුවන්තොටුපළ සහ අක්‌කර පහළොස්‌ දහසක්‌ ලබාදෙන්නේ. මේක සාධාරණද.. මේවා අපේ රටේ ආයෝජකයන්ට දෙන්නේ නෑ. ඒ රටවල ආයෝජකයන්ට එම රටවලම ආයෝජන පහසුකම් තියෙනවා.

හම්බන්තොට ජනතාව අක්‌කර 15000 ක නිජබිම වෙනත් රටකට විකිණීමට ඉඩ නොදෙන බව මට විශ්වාසයි. දිගුකාලීන මිත්‍රත්වය පළුදු නොකර පවත්වා ගැනීමට කටයුතු කරනු ඇතැයි ගැනුම්කරුවන්ගෙනුත් ඉල්ලා සිටිනවා

ඔබගේ අදහස අපට කියන්න

Close