අමෙරිකා අහසේ අබිරහස් යානයක් / ජනතාව නොසන්සුන්

අමෙරිකාවේ කොලරාඩෝ හී ඩෙන්වර් නගරයට ඉහලින් සැරිසැරූ අබිරහස් යානයක් හේතුවෙන් එම ප්‍රාන්තයේ හා අවට කලාපයේ ජනතාව භීතියට පත්ව තිඛෙනවා.
ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කළේ මෙම යානය අඩි 32,000 ක් ඉහලින් නගරය වටා වෘත්තාකාරව අවස්ථා ගණනාවක් පියාසර කළ බවයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ කිසිදු යානයක් එය නගර කලාපයට ඇතුලු නොවූ බව ඩෙන්වර් ගුවන් තොටුපල විසින් නිවේදනය කර තිඛෙනවා.
මෙම යානය බෝයිං වර්ගයේ යානයක් වන අතර එය පියාසර කරන ආකාරය නගර වැසියන් හා මාධ්‍ය විසින්ද වීඩියෝගත කර තිඛෙනවා.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් කොලරාඩෝහී හමුදා බලධාරීන්ගෙන් විමසුවද ඔවුන් පවසා ඇත්තේ එවන් යානයක් පිළිබද තොරතුරු නොලැබුණු බවයි.
කෙසේ වෙතත් මෙම යානය අමෙරිකානු නාවික හමුදාවට අයත් පියාසර යානයක් බවට සැක කෙරෙනවා.
එහෙත් එය කිසිවකු විසින් තහවුරු කර නැහැ.
මේ සම්බන්ධයෙන් නිල තොරතුරක් බලධාරීන් විසින් ලබා නොදීම හේතුවෙන් ජනතාව භීතියට පත්ව ඇති බවයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
Scores took photographs and videos of the aircraft as officials failed to explain its path

An unannounced plane cirlced Denver on Wednesday to the perplexity of residents and officials

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close